The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

රුසියාවෙන් තෙල් ගන්න වැඩේ සූදානම් - ඇමති විජිත හේරත්

T

The Leader Desk

April 28, 2026 • 3:53 PM

රුසියාවෙන් තෙල් ගන්න වැඩේ සූදානම් - ඇමති විජිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (waiver) ප්‍රයෝජනයට ගනිමින්, රුසියාවෙන් රජය මැදිහත්වන පදනමක් (G2G) යටතේ තෙල්, ගෑස්, ගල්අඟුරු සහ පොහොර මිලදී ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත.
  • ඒ අනුව, අදාළ ඇණවුම් ලබා දීම සඳහා අදාළ සමාගම් සමඟ සාකච්ඡා කඩිනම් කරන ලෙස රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් ලබා දී තිබේ.
  • ලෝක වෙළඳපල මිල ගණන් සහ රක්ෂණ වාරික (insurance premiums) ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළ මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගනිමින් සිටින පසුබිමක මෙම නව පියවරයන් ගෙන ඇත.
  • විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා ඇත්තේ, තෙල්, පොහොර සහ ගල්අඟුරු වත්මන් ලෝක වෙළඳපල මිලට වඩා සහනදායී මිලකට මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

(waiver) ප්‍රයෝජනයට ගනිමින්, රුසියාවෙන් රජය මැදිහත්වන පදනමක් (G2G) යටතේ තෙල්, ගෑස්, ගල්අඟුරු සහ පොහොර මිලදී ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත.

ඒ අනුව, අදාළ ඇණවුම් ලබා දීම සඳහා අදාළ සමාගම් සමඟ සාකච්ඡා කඩිනම් කරන ලෙස රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් ලබා දී තිබේ.

ලෝක වෙළඳපල මිල ගණන් සහ රක්ෂණ වාරික (insurance premiums) ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළ මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගනිමින් සිටින පසුබිමක මෙම නව පියවරයන් ගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා ඇත්තේ, තෙල්, පොහොර සහ ගල්අඟුරු වත්මන් ලෝක වෙළඳපල මිලට වඩා සහනදායී මිලකට මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙන බවයි.

රුසියාවෙන් මෙලෙස මිලදී ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් මීට පෙරද සාකච්ඡා පැවැත්වුණද, කාලය සීමිත වීම හේතුවෙන් එම ගනුදෙනු සිදු කිරීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කරයි.

අමෙරිකා-ඉරාන ගැටුම පවතින කාලසීමාව තුළ ලෝක බලශක්ති මිල ස්ථාවරව පවත්වා ගැනීම අරමුණු කර ගනිමින්, රුසියානු තෙල් ගනුදෙනු සඳහා අවසර ලබා දෙන විශේෂ නිදහස් කිරීමක් 2026 මැයි 16 දක්වා දීර්ඝ කිරීමට අමෙරිකානු මහා භාණ්ඩාගාරය පියවර ගනු ලැබිය.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මැයි 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරයා මැයි මස මැද භාගයේදී රුසියාව බලා යාමට නියමිතව ඇත.

(news19 | සනුරි ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...