The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

April 29, 2026 • 4:04 AM

 දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියයන විය ඒ මහතා 90 වැනි වියේ පසුවුණි.
  • ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ ඒ මහතා, වයස අවුරුදු 15 දී පමණ කළුතර ප්‍රදේශයට පැමිණියේ පවු‍ලේ පැවති ආර්ථික ප්‍රශ්න හමුවේය.
  • කාලයක් ගත වෙද්දී ඔහු පොත් බඳින්නකු ලෙස සේවය කළ ඔහුට රැකියාව හදිසියේ අහිමි විය.
  • ඉන්පසු 1957 දී තවත් අයකු සමඟ ගොඩගේ තරුණයා හවුල් ව්‍යාපාරයක් ඇරඹූ අතර, කුඩා කඩයක් කුලියට ගෙන ව්‍යාපාරය කරගෙන ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මියයන විය ඒ මහතා 90 වැනි වියේ පසුවුණි.

1936 මැයි මාසයේ දී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඒ මහතා, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හයවැනියා යි.

ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ ඒ මහතා, වයස අවුරුදු 15 දී පමණ කළුතර ප්‍රදේශයට පැමිණියේ පවු‍ලේ පැවති ආර්ථික ප්‍රශ්න හමුවේය.

කාලයක් ගත වෙද්දී ඔහු පොත් බඳින්නකු ලෙස සේවය කළ ඔහුට රැකියාව හදිසියේ අහිමි විය.

ඉන්පසු 1957 දී තවත් අයකු සමඟ ගොඩගේ තරුණයා හවුල් ව්‍යාපාරයක් ඇරඹූ අතර, කුඩා කඩයක් කුලියට ගෙන ව්‍යාපාරය කරගෙන ගියේය.

ව්‍යාපාරය අසල පිහිටි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් පොත්පත් ගෙනැවිත් බැඳීමට පටන් ගත්තා. ටිකෙන් ටික එම ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟ මාළිගාකන්ද නායක හාමුදුරුවන්ගේ සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ආශ්‍රය නිසා ගොඩගේ තරුණයා බුදුදහම වෙත සමීප විය.

ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟ තවත් තිදෙනෙක් සේවයට බඳවා ගත් ඔහු ඒ වන විට පොත් බැඳීමටත්, පොත් විකිණීමටත්, පුස්තකාලවලටත් පොත් සැපයීමත් සිදුකළ අතර, 1970 වර්ෂයේ දී ගොඩගේ මහතා මරදානට පැමිණියේය.‍‍‍‍‍‍

එදාමෙදා තුර ගොඩගේ පොත් මැඳුර එම ස්ථානයේ පවතින අතර, පොත් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ගොඩගේ මහතා පොත් ප්‍රකාශනය ආරම්භ කළේය.

ඔහු මුලින්ම මුද්‍රණය කර ඇත්තේ ළමා පොතකි. පසුව ඔහු විවිධ ලේඛකයින්ගේ අත් පිටපත් ලබාගෙන පොත් මුද්‍රණය ඇරඹූ අතර , මේ වන විට එම සමාගම විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ.

ලංකාවේ ප්‍රසිද්ධ පොත් මුද්‍රණකරුවන් අතර සිරිසුමන ගොඩගේ මහතා ඉදිරියෙන් සිටී.

රාජ්‍ය සම්මාන ඉතිහාසයේ විශේෂ වාර්තාවක් පිහිටුවීමට ගොඩගේ ආයතනයට මේ වන විට හැකි වී ඇති අතර, ප්‍රකාශන ආයතනයක් ලෙස අවුරුදු 38 තිස්සේ අඛණ්ඩව ම ඔවුන් මෙම සම්මාන දිනාගෙන තිබේ.

2022 වර්ෂයේ පැවති රාජ්‍ය සම්මාන පිරිනැමීමේ උත්සවයේ දී ගොඩගේ ආයතනය සම්මාන පහකින් පිදුම් ලැබූ අතර, ලංකාව තුළ භාෂා තුනෙන් ම කෘති ප්‍රකාශයට පත්කරන ආයතනයක් ලෙස ගොඩගේ පොත් මැදුර ඉදිරියෙන් සිටී.

එමෙන් ම දෙමළ සහ ඉංග්‍රීසි බසින් මුද්‍රිත කෘති සඳහා ද එම ආයතනය රාජ්‍ය සම්මාන ලබා තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...