The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

භාණ්ඩාගාරයේ ඩොලර් වංචාව අධිකරණයට: චූදිතයන්ට විදෙස් ගමන් තහනම් - බැංකු ගිණුම් පරීක්ෂාවටත් නියෝග

T

The Leader Desk

April 29, 2026 • 4:42 AM

භාණ්ඩාගාරයේ ඩොලර් වංචාව අධිකරණයට: චූදිතයන්ට විදෙස් ගමන් තහනම් - බැංකු ගිණුම් පරීක්ෂාවටත් නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ, ලද පැමිණිල්ලකට අනුව පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.
  • විමර්ශනවල සංවේදී හා සූක්ෂමභාවය සැලකිල්ලට ගනිමින්, නඩු ගොනුව අධිකරණයේ සේප්පුවක බහා තබන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
  • මෙවැනි අපරාධයක් සිදුව ඇත්නම් ඊට වගකිවයුත්තන් කවුරුන්ද යන්න කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
  • මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම් සලකා බැලූ අධිකරණයෙන් මෙලෙස නියෝග නිකුත් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ, ලද පැමිණිල්ලකට අනුව පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් කටයුතු කළ මූල්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනෙකුගේ විදේශ ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ ය.

එසේ ම, අදාළ නිලධාරීන් පස් දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ද අධිකරණයෙන් විමර්ශන නිලධාරීන්ට අවසර ලබා දුන්නේ ය.

මෙම සූක්ෂම වංචාව සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශන සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා, පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයේ (CERT) ප්‍රධානියා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයා නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අධිකරණය අවසර ලබා දුන්නේ ය.

විමර්ශනවල සංවේදී හා සූක්ෂමභාවය සැලකිල්ලට ගනිමින්, නඩු ගොනුව අධිකරණයේ සේප්පුවක බහා තබන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මෙවැනි අපරාධයක් සිදුව ඇත්නම් ඊට වගකිවයුත්තන් කවුරුන්ද යන්න කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම් සලකා බැලූ අධිකරණයෙන් මෙලෙස නියෝග නිකුත් කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අපරාධමය වරද සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසත් අපරාධයක් වී ඇත්නම් එය සිදු කර ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට මෙවැනි වැරදි සිදුවීම වළක්වාලීමට වහාම කෙටි පියවර ගන්නා ලෙස මහ බැංකුවට නියෝග කළේ ය.

( mawbima | Kumudu Upul Shantha)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...