The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ජනපති මාධ්‍ය ඒකකයට මාර්ගෝපදේශ ඉල්ලා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්..

T

The Leader Desk

April 29, 2026 • 6:11 AM

ජනපති මාධ්‍ය ඒකකයට මාර්ගෝපදේශ ඉල්ලා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාම පාගමන මාධ්‍ය ආවරණ කටයුතුවලදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ උපදේශකයෙකු වන චන්දන සූරියබණ්ඩාරගෙන් හිංසනයට ලක්වී යැයි කියන සිදුවීම පාදක කරගෙන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාරගෙන් ඔහු මෙම ඉල්ලීම කර ඇත.
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලද ආරාධනය අනුව තමා ඊට සහභාගී වූ බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අස්සනින් යුතුව මාධ්‍යවේදීන්ට නිකුත් කරන හැදුනුම්පත එම අවස්ථාවේ පැළඳ සිටි බවත් 'සන්ඩේ ඔබ්සර්වර්' මාධ්‍යවේදියා තම ලිපියේ සඳහන් කර ඇත.
  • එහෙත් චන්දන සූරියබණ්ඩාර සාම පා ගමන තමාට ආවරණය කළ නොහැකි බවත් එය සිරස ටීවී ආයතනය වෙත පවරා ඇති බවත් කියමින් රාජකාරියට බාධා කළේ යැයි බුවනෙක පෙරේරා එම ලිපියේ සඳහන් කර ඇත.
  • පොදුවේ මහා මාර්ගයක රාජ්‍ය අනුග්‍රහයද සහිතව පැවැත්වෙන කටයුත්තක් ආවරණය කිරීමට මාධ්‍යවේදියෙකු වශයෙන් තමාට අයිති ඇති බව කී විට චන්දන සූරියබණ්ඩාර "මම ජනාධිපතිගේ මාධ්‍ය උපදේශකයා.
අකුරු ප්‍රමාණය (Font Size):


සාම පාගමන මාධ්‍ය ආවරණ කටයුතුවලදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ උපදේශකයෙකු වන චන්දන සූරියබණ්ඩාරගෙන් හිංසනයට ලක්වී යැයි කියන සිදුවීම පාදක කරගෙන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාරගෙන් ඔහු මෙම ඉල්ලීම කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලද ආරාධනය අනුව තමා ඊට සහභාගී වූ බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අස්සනින් යුතුව මාධ්‍යවේදීන්ට නිකුත් කරන හැදුනුම්පත එම අවස්ථාවේ පැළඳ සිටි බවත් 'සන්ඩේ ඔබ්සර්වර්' මාධ්‍යවේදියා තම ලිපියේ සඳහන් කර ඇත.

එහෙත් චන්දන සූරියබණ්ඩාර සාම පා ගමන තමාට ආවරණය කළ නොහැකි බවත් එය සිරස ටීවී ආයතනය වෙත පවරා ඇති බවත් කියමින් රාජකාරියට බාධා කළේ යැයි බුවනෙක පෙරේරා එම ලිපියේ සඳහන් කර ඇත.

 

පොදුවේ මහා මාර්ගයක රාජ්‍ය අනුග්‍රහයද සහිතව පැවැත්වෙන කටයුත්තක් ආවරණය කිරීමට මාධ්‍යවේදියෙකු වශයෙන් තමාට අයිති ඇති බව කී විට චන්දන සූරියබණ්ඩාර "මම ජනාධිපතිගේ මාධ්‍ය උපදේශකයා. මම කියන දේ අහලා මෙතනින් යන්න” යනුවෙන් තමාට තර්ජනය කළ බවත් මාධ්‍යවේදියා පවසයි.

 

රජයේ මාධ්‍ය ආයතනයක සේවය කරන තමා මෙවැනි සැලකිල්ලකට ලක්වේ නම් පෞද්ගලික මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් කවරාකාරයේ අපහසු තාවකට පත්වනු ඇතිදැයි බුවනෙක පෙරේරා ප්‍රශ්න කරයි.

ජනාධිපති මාධ්‍ය උපදේශකයෙකු වැනි රාජ්‍ය නිලධාරියෙකු විසින්, තමාගේ පෙර සේවය කළ පුද්ගලික මාධ්‍ය ජාලයක වාසිය වෙනුවෙන්, රජයට අයත් මාධ්‍යවේදියෙකුගේ කටයුතු මෙසේ නවතා දැමීමට උත්සාහ කිරීම දැඩි ලෙස කනස්සල්ලට ලක්විය යුතු කරුණක් යැයිද එම ලිපියේ සඳහන්වේ.

තමා මෙම සිදුවීම ගැන පොලිස් පැමිණිල්ලක් කළ නමුත් ජාතික හා අන්තර්ජාතික සංවිධාන ශ්‍රී ලංකාවේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් මෙම සිදුවීම අරභයා මතුකර ඇති අදහස් සැලකිල්ලට ගෙන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවද මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා තම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...