The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

දඹුල්ලට දිස්ත්‍රික් රෝහලක් දෙන්න රංගිරි දඹුළු විහාරයෙන් භූමිය ඉල්ලයි

T

The Leader Desk

April 29, 2026 • 6:39 AM

දඹුල්ලට දිස්ත්‍රික් රෝහලක් දෙන්න රංගිරි දඹුළු විහාරයෙන් භූමිය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට මූලික රෝහල සඳහා අක්කර පහක භූමියක් පවතින නමුත් එය දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමේදී ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් රංගිරි දඹුලු මහා විහාරයේ අධිපති හිමියන් සමඟ මේ ගැන සාකච්ඡා කළ බව ඇමතිවරයා පැවසීය.
  • දඹුල්ල මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමේදී එහි ප්‍රවේශ පහසුකම් ඇතුළු අනෙකුත් කටයුතු ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී ඔහු මෙම අදහස් පළ කළේය.
  • මෙතෙක් තිබුණේ ඒ 9 මාර්ගයේ.
  • නව භූමිය කි.මී 2.5ක් දුරින් තිබෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දැනට මූලික රෝහල සඳහා අක්කර පහක භූමියක් පවතින නමුත් එය දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමේදී ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් රංගිරි දඹුලු මහා විහාරයේ අධිපති හිමියන් සමඟ මේ ගැන සාකච්ඡා කළ බව ඇමතිවරයා පැවසීය.

දඹුල්ල මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමේදී එහි ප්‍රවේශ පහසුකම් ඇතුළු අනෙකුත් කටයුතු ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නය හා ඊට ඇමතිවරයා දුන් පිළිතුර මෙසේය.

ප්‍රශ්නය :
දඹුල්ල මූලික රෝහල සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගන්නවා. මෙතෙක් තිබුණේ ඒ 9 මාර්ගයේ. අලුතින් පිහිටුවන්නෙත් එවැනි ප්‍රවේශ පහසුමකමක් සහිතවද? සංවර්ධනය කරන්නෙත් ඒ ශ්‍රේණියේ මූලික රෝහලක් විදියටද?


පිළිතුර :
රෝහල දැන් තිබෙන්නේ නගර මධ්‍යයේ. නගර සංවර්ධන සැලැස්මේදී රෝහල ඉවත්කිරීමට යෝජනාවක් ලැබී තිබුණා. නව භූමිය කි.මී 2.5ක් දුරින් තිබෙන්නේ. ඒ 9 හා ඒ 6 මාර්ග දෙක සම්බන්ධ කරන මාර්ගයක පවතින්නේ. රෝහලේ කටයුතුවලට ඒ ස්ථානය බාධාවක් නෑ. රංගිරි දඹුලු විහාරයෙන් මේ ඉඩම පරිත්‍යාග කළේ. දිස්ත්‍රික් මහ රෝහලක් විදියට සංවර්ධනය කරද්දී අක්කර 5 ප්‍රමාණවත් වන එකක් නෑ. අපි නායක හාමුදුරුවන් එක්ක කතා කළා. ඉඩම තව  ටිකක් වැඩිකරගන්න. සංවර්ධන සැලැස්මේ කොටසක් හැටියට පවතින මාර්ගය කිමී 5ක් අඩි 50ක් දක්වා පුළුල් වෙනවා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම් හදනවා. නව විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක්. ඇස්තමේන්තුව බිලියන 7ක්. මේ වසරේ මිලියන 500ක්. දිස්ත්‍රික් මහ රෝහලක් කරන්නමයි බිලියන 7ක් වෙන්කළේ. ජාතික සෞඛ්‍ය සැලැස්මේ කොටසක් හැටියට මේක කරන්නේ.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...