ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ සාමාන්‍ය නීතිමය ක්‍රියාපටිපාටියට අනුව ඔහුව මෙලෙස වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කර ඇත.
සුරේෂ් සලේ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන එන අවස්ථාවේදී එම පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර, පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඔහුව යළිත් රඳවා සිටින ස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.





