The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

වතුකරයේ සෑම වත්තකම කම්කරු ආරක්ෂක කමිටු පිහිටුවීමට යෝජනා

T

The Leader Desk

April 29, 2026 • 3:50 PM

වතුකරයේ සෑම වත්තකම කම්කරු ආරක්ෂක කමිටු පිහිටුවීමට යෝජනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "කම්කරු ආරක්ෂක සම්බන්ධීකරණ කමිටුවක්" පිහිටුවිය යුතු බවට යෝජනාවක් මලයහ කම්කරුවන් පිරිසක් සම්මත කරගෙන තිබේ.
  • ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 9 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • ඒ අනුව, නීලගාමම් අංක එක කොටස වත්තේ පෙරට්ටු මඩුව පරිශ්‍රයේ 2026 අප්‍රේල් 25 වැනි දින රැස්වු නීලගම මලයහ කම්කරුවන් සියලු දෙනා එක්සත්ව වැදගත් තීරණ කිහිපයක් ගෙන ඇති අතර සම්මත කරගත් එම යෝජනා මාලාව 'නීලගාමම් ප්‍රකාශනය' මැයෙන් නිකුත් කර තිබේ.
  • ඒ සඳහා වතු නායකයන්, කෝවිල් පරිපාලන සභිකයන්, නීතිඥයන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළත් කරගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

"කම්කරු ආරක්ෂක සම්බන්ධීකරණ කමිටුවක්" පිහිටුවිය යුතු බවට යෝජනාවක් මලයහ කම්කරුවන් පිරිසක් සම්මත කරගෙන තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ, කහවත්ත නීලගාමම් අංක එක කොටස වත්තේ පෙරට්ටු මඩුව පරිශ්‍රයේ දී 2026 අප්‍රේල් 25 වැනි  දින රැස්වු  නීලගම මලයහ කම්කරුවන් සියලු දෙනා එක්සත්ව එම යෝජනාව සම්මත කරගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ, එම වත්තේ කම්කරු නිවාසයකට 2026.04.22 වන දින වතු පාලනාධිකාරියේ මෙහෙයවීමෙන් මැර පිරිසක් විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුවයි.

එම්.ජේ.එෆ් සමාගමේ ඩිල්මා සිලෝන් ටී පුද්ගලික සමාගමට අයත් කහවත්ත ප්ලාන්ටේෂන් පාලනය යටතේ පවතින කහවත්ත නීලගාමම් අංක එක කොටසේ වතු කම්කරුවකු විසින් ඉදිකර තිබු තාවකාලික නිවාසයක් එම වත්තේ ආරක්ෂක රාජකාරියේ නිරත පිරිසක් විසින් කඩා විනාශ කර නිවසේ හිමිකරුටද පහර දී තිබුනි.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 9 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

වතු කම්කරු නිවාසයට සහ කම්කරුවාට එල්ල වු  ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින නීලගම මලයහ කම්කරුවන්  මෙම සිදුවීම දැඩි මානසික වේදනාවක් ඇති කර ඇති අතර මෙරට පුරවැසියන් වශයෙන් සිය පැවැත්ම පිළිබඳවද ප්‍රශ්නාර්ථයක් මතු කර ඇති බව පෙන්වා දෙමින් අවධාරණය කරන්නේ මෙවැනි කම්කරු මර්දන වතු පාලනාධිකාරීන් විසින් අඛණ්ඩව සිදු කරනු ලබන බවයි.


මලයහ වතු කම්කරුවන් වහල් ප්‍රජාවක් ලෙස සලකන මෙවැනි මානසිකත්වයකින් යුත් පාලනාධිකාරීන් සිය වර්ධනය දුර්වල වන අයුරින් ක්‍රියා කරමින් සිටින බව පෙන්වා දෙන  නීලගම මගයහ කම්කරු ප්‍රජාව අවධාරණය කරන්නේ රට වෙනුවෙන් වෙහෙසෙන කම්කරුවන් වශයෙන් මෙවැනි මර්දනයන් සහ අත්තනෝමතික ක්‍රියාවන් අඛණ්ඩව ඉවසා සිටිය නොහැකි බවයි.


ඒ අනුව, නීලගාමම් අංක එක කොටස වත්තේ පෙරට්ටු මඩුව පරිශ්‍රයේ 2026 අප්‍රේල් 25 වැනි  දින රැස්වු නීලගම මලයහ කම්කරුවන් සියලු දෙනා එක්සත්ව වැදගත් තීරණ කිහිපයක් ගෙන ඇති අතර සම්මත කරගත් එම යෝජනා මාලාව 'නීලගාමම් ප්‍රකාශනය'  මැයෙන් නිකුත් කර තිබේ.

  • වතු කම්කරුවන් හෝ වතු ආශ්‍රිතව ජීවත් වන අනෙකුත් පිරිස් බිය ගැන්වීම සහ මර්දනයට ලක් කිරීමේ ක්‍රියා වතු පාලනාධිකාරීන් වහාම නැවැත්විය යුතුය.

  • පෞද්ගලික ආරක්ෂක අංශවල සේවකයන් සහ ආරක්ෂක අංශවල හිටපු සාමාජිකයන් කැඳවා ප්‍රහාර එල්ල කිරීම කිසිසේත්ම පිළිගත නොහැකිය.

  • කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වත්තකම "කම්කරු ආරක්ෂක සම්බන්ධීකරණ කමිටුවක්" පිහිටුවිය යුතුය. ඒ සඳහා වතු නායකයන්, කෝවිල් පරිපාලන සභිකයන්, නීතිඥයන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළත් කරගත යුතුය. එම කමිටුවේ බලතල සහ ක්‍රියාකාරකම් පිළිබඳව තීරණාත්මක සාකච්ඡා පැවැත්වීම අත්‍යවශ්‍ය වේ.

  • මෙම කමිටුවට අමතරව, වතු ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් කම්කරු ආරක්ෂක සම්බන්ධීකරණ කමිටු පිහිටුවා ඒවා වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කළ යුතුය.

  • වතු දෙමළ ප්‍රජාවගේ ඉඩම් අයිතිය පිළිබඳව දශක ගණනාවක සිට කතාබහට ලක් වුවද, බලයට පත්වන සෑම රජයක්ම ඒ පිළිබඳව වගකීම් සහගත ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කර නැත.

  • වසර දෙසියයකට අධික කාලයක් මෙම දේශය වෙනුවෙන් වෙහෙස මහන්සි වන ජනතාවට ලිපිනයක් සහිත ඉඩමක් සහ නිවාස ව්‍යාපෘතියක් ලබා දීම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයකි. ඒ සඳහා වත්මන් රජය කඩිනම් පියවර ගත යුතු බව අවධාරණය කරමු.

  • නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පක්ෂග්‍රාහීත්වයකින් තොරව ප්‍රමුඛතාවය මත පදනම්ව තේරීම් සිදු කළ යුතුය. ඒ සඳහා ස්වාධීනව ක්‍රියා කරන කමිටුවක් වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් පිහිටුවිය යුතුය.

  • කඳුරට වතු ප්‍රදේශවල යම් අවාසනාවන්ත සිදුවීම් හෝ ගැටලු ඇති වන අවස්ථාවලදී පක්ෂ හෝ ප්‍රාදේශීය භේදයකින් තොරව සියලුම දෙමළ දේශපාලන නායකයන් එක් ස්ථානයකට රැස්වී සාකච්ඡා කර එක්සත්ව තීරණාත්මක තීන්දු ගත යුතුය.


මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා සියලු පාර්ශවයන් එක්විය යුතු බව අවධාරණය කරන නීලගම වත්තේ කම්කරුවන්  “මහ වනාන්තර එළිපෙහෙළි කොට තේ වතුවලින් පිරිපුන් දේශය නිර්මාණය කළෙමු. මෙම දැය වෙනුවෙන් වෙහෙසෙන්නෙමු. අපගේ මේ භූමියේ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීමට ඉඩ නොදෙමු. අයිතිය වෙනුවෙන් සටන් වදිමු, ජයග්‍රහණය තෙක් නොවැටී සිටිමු,” යැයි  සිය ප්‍රකාශනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

dfwerss

dfgdgr

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...