The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'සජබ මැයි රැලියට සහභාගිවන ලෙස එජාප නායකත්වයට ආරාධනයක් නැහැ' !

T

The Leader Desk

April 29, 2026 • 4:00 PM

'සජබ මැයි රැලියට සහභාගිවන ලෙස එජාප නායකත්වයට ආරාධනයක් නැහැ' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝ ආරාධනාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
  • සජබ මැයි දින රැලියට සහභාගී නොවීමට එජාප ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් 'සිරිකොත' එජාප මුලස්ථානයේ ප්‍රධානියකු ගෙන් කළ විමසීමකදී එම කාරණය අවධාරණය කළේය.
  • සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සමගි ජන බලවේගයේ මැයි රැළියට සහභාගී වන ලෙස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නිල ලිපිය මගින් ආරාධනා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයට පමණක් බව එම ප්‍රකාශකයා තව දුරටත් පැවසිය.
  • සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ අත්සනින් යුතුව ඉකුත් 27 වැනි දින එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල ට එවූ ලිපියේ ආදාළ ආරාධනාව සඳහන් පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.
අකුරු ප්‍රමාණය (Font Size):

හෝ ආරාධනාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

සජබ මැයි දින රැලියට සහභාගී නොවීමට එජාප ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් 'සිරිකොත' එජාප මුලස්ථානයේ ප්‍රධානියකු ගෙන් කළ විමසීමකදී එම කාරණය අවධාරණය කළේය.

මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සමගි ජන බලවේගයේ මැයි රැළියට සහභාගී වන ලෙස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නිල ලිපිය මගින් ආරාධනා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයට පමණක් බව එම ප්‍රකාශකයා තව දුරටත් පැවසිය.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ අත්සනින් යුතුව ඉකුත් 27 වැනි දින එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල ට එවූ ලිපියේ ආදාළ ආරාධනාව සඳහන් පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.

“වෘත්තීය සමිති, කම්කරු සංවිධාන, තරුණ සංවිධාන සහ කාන්තා සංවිධාන ඇතුළුව සමගි ජන සන්ධානයට අයත් සියළු පක්ෂවල සහභාගීත්වයෙන් එළැඹෙන මැයි 01 දින ප.ව. 2.00 ට මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පවත්වන මැයි දින රැළියට සහභාගී වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයට අප ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.“

අදාළ ලිපිය මගින් පැහැදිලිවම ආරාධනා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයට බව මනාව තහවුරු වන බව 'සිරිකොත' ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර  කළ ආරාධනයට පිළිතුරු ලිපියක් යොමු කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල පවසා සිටියේ,  මෙවර මැයි පළමුවැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින් එදින දේශපාලන කටයුතුවලින් බැහැරව ආගමික වතාවත් සඳහා වෙන් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බවයි.

khlkljdd

WhatsApp Image 2026 04 28 at 14.54.31



සබැඳි පුවත් :

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...