
මෙහි සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා දිනාල් පිලිප්ස් කටයුතු කරති.
ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි කටයුතු මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.
ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසින් සිදුකරනු ලැබේ.
"නිලවරණයෙන් තේරී පත්වුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ පාලක කමිටුව අද නිල වශයෙන් එයාලා ධූරයෙන් ඉල්ලා අස්වුණා. ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මට තියෙන බලතල අනුව ක්‍රිකට් ආයතනයේ ඉදිරි වැඩකටයුතු සිදුකරන්න හිටපු ඇමති කෙනෙක් වෙන ඉරාන් වික්‍රමරත්න ඇතුළු 09 දෙනෙක් පත් කළා."
"මේ කමිටුවේ අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වෙන සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ඉන්නවා. මේක ඇත්තටම ලංකාවේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝර්මේෂන් කරන්න පත් කරන කමිටුවක්."




