The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් කළ අනුරාධපුර පුද බිමේ විහාරාධිපති හිමිනම අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් !

T

The Leader Desk

April 29, 2026 • 4:14 PM

බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් කළ අනුරාධපුර පුද බිමේ විහාරාධිපති හිමිනම අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බවට අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට චෝදනා එල්ලවී ඇතත් උන්වහන්සේ අත්අඩංගුවට නොගන්නා ලෙස දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
  • කෙසේවුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය නියෝග කර තිබේ.
  • තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී දැරිය ප්‍රකාශ කළ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
  • අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විහාරාධිපති හිමිනම මුලින් ම තමාව ලිංගික අපරාධයකට ලක් කිරීමෙන් පසුව රුධිරය තැවරුණු ඇදුම් තමන් වළ දැමු බව ද දැරිය සිය ප්‍රකාශ මගින් පොලිසියට දැනුම් දී ඇති බව අනාවරණය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට චෝදනා එල්ලවී ඇතත් උන්වහන්සේ අත්අඩංගුවට නොගන්නා ලෙස දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කර ඇත්තේ, ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය 22424/2026 අංක දරන බී වාර්තාව මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී දැරිය ප්‍රකාශ කළ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විහාරාධිපති හිමිනම මුලින් ම තමාව ලිංගික අපරාධයකට ලක් කිරීමෙන් පසුව රුධිරය තැවරුණු ඇදුම් තමන් වළ දැමු බව ද දැරිය සිය ප්‍රකාශ මගින් පොලිසියට දැනුම් දී ඇති බව අනාවරණය වී තිබේ.

ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන ඇති අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඔවුන්ට නියෝග කර ඇත්තේ, මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස යි.

දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වරින විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි බාල වයස්කාර දියණිය එම හිමියන්ට ලබා දී ඇති බව ද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි අධිකරණයට දැනුම් දී තිබේ.

වින්දිත බාල වයස්කාර දැරිය දැනට රාගම ප්‍රදේශයේ පිහිටි විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටී.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...