The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ආචාර්ය නලින් ද සිල්වා දෙවන ගුණසමරුව නිමිත්තෙන් 'විද්‍යා කතන්දර' නව මුද්‍රණයක්!

T

The Leader Desk

April 30, 2026 • 5:05 AM

ආචාර්ය නලින් ද සිල්වා දෙවන ගුණසමරුව නිමිත්තෙන් 'විද්‍යා කතන්දර' නව මුද්‍රණයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන මුද්‍රණය වන මේ මුද්‍රණය එළිදැක්වෙන්නේ, සිවු වන මුද්‍රණයෙන් වසර 10කට පමණ පසු ව ය.
  • පිටු 256කින් යුත් කෘතියේ පිටපතක මිල රු.
  • තත් විෂය හා බැඳුණු තාරකා හෞතික විද්‍යාව සිය ආචාර්ය උපාධිය සඳහා හදාළ ආචාර්ය නලින් ද සිල්වා විද්වතාණන් මේ සඳහා අත්‍යන්තයෙන් ම සුදුස්සකු බව අවිවාදිත ය.
  • මේ වනවිට නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ 'මගේ ලෝකය' (8 වන මුද්‍රණය, මිල: රු.
අකුරු ප්‍රමාණය (Font Size):


5 වන මුද්‍රණය වන මේ මුද්‍රණය එළිදැක්වෙන්නේ, සිවු වන මුද්‍රණයෙන් වසර 10කට පමණ පසු ව ය. පිටු 256කින් යුත් කෘතියේ පිටපතක මිල රු. 990/= කි.

'විද්‍යා කතාන්දර' කෘතිය සෛද්ධාන්තික භෞතික විද්‍යාව විෂය කරගත්තකි. තත් විෂය හා බැඳුණු තාරකා හෞතික විද්‍යාව සිය ආචාර්ය උපාධිය සඳහා හදාළ ආචාර්ය නලින් ද සිල්වා විද්වතාණන් මේ සඳහා අත්‍යන්තයෙන් ම සුදුස්සකු බව අවිවාදිත ය. එ තුමා අයින්ස්ටයිනීය සාපේක්ෂතා ප්‍රවාද හා ක්වොන්ටම් භෞතිකය ගැඹුරින් හැදෑරුවකුවීම නව දැනුම සොයායන සිංහල යෞවනයන් ගේ වාසනාවකි.

කාන්දම් කෙත, දෙකක් එකක් වීම හා එකක් දෙකක් වීම, ඊතර හොල්මන, ඇල්බට් අයීන්ස්ටයින්, නිරපේක්ෂ අවකාශයෙහි සැඟවුණු මහසෝනා, බඹ ලොව කාලය, මොහොතක් නොපවතින මොහොත, ආරම්භයක් නැති විශ්වයක්, දෙවියන් වහන්සේ හා යාන්ත්‍රිකය, ගර්ඩල් ප්‍රමේය, පරිගණකය හා දෙවියෝ, ඌනිතවාදය හා යුදෙවු දෙවියන් වහන්සේ, කැඩපතේ ප්‍රශ්නය, සාපේක්ෂතා මූලධර්මය, ආලෝකයේ වේගයෙන් දිවීම, සන්නිවේදනයේ සීමා, ක්වොන්ටම් භෞතිකයට වෙනත් අර්ථකථනයක්, අපේ දැනුමක් ගොඩනැඟීම, මෙහි සාකච්ඡා වන මාතෘකා කිහිපයකි.

මේ වනවිට  නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ 'මගේ ලෝකය' (8 වන මුද්‍රණය, මිල: රු. 650/=), අපේ ප්‍රවාද (4 වන මුද්‍රණය, මිල; රු. 1190/=), අපේ ප්‍රවාද '- 2 (2 වන මුද්‍රණය, මිල; රු. 1090/=), අපේ ප්‍රවාද - 3 (2 වන මුද්‍රණය, මිල; රු. 990/=) යන කෘති සියල්ලෙහි නව මුද්‍රණ විසිදුනු ප්‍රකාශකයන් විසින් පළ කෙරී ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...