අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකර තිබේ.
''හර්ෂණ සූරියප්පෙරුම එක දිනක්වත් මුදල් කාරක සභාවට ඇවිත් නෑ' - හර්ෂ
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම කිසිදු දිනයක මුදල් කාරක සභාව(කෝෆ්) හමුවේ පෙනී සිට නැතැයි එහි සභාපති පාර්ලමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා චෝදනා කරයි.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචාසහගත ලෙස ලබාගැනීමේ සිදුවීම ගැන කරුණු විමසීමට කමිටුව හමුවට අද(30) පැමිණෙන්නැයි කළ දැනුම්දීම හමුවේ තමාට අද ඊට සහභාගීවීමට නොහැකි බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කළ ලිඛිත දැනුම්දීම ගැන කියමින් හර්ෂ ද සිල්වා මේ බව කීය.
“ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂා කරන බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මට දැනුම්දුන්නා. මුදල් ක්‍රියාත්මක වෙන්නේ කමිටු හරහා. ණය ගෙවීම සම්බන්ධයෙන් සෘජු අධීක්ෂණ බලය තිබෙන්නේ රාජ්‍ය මුදල් කාරක සභාවට. මේ දැනුම්දීම හරහා මේ කරල තිබෙන්නේ අප පිළිගන්න ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත පහරක්. ඇයි මේ කමිටුවට එන්නෙ නැත්තේ? මොනවද හංඟන්න තියෙන්නේ? සිස්ටම් එක චේන්ජ් කරන්න ආපු ආණ්ඩුව සිස්ටම් එක කුඩු පට්ටම් කරලා තිබිච්ච තැනටත් පහළට ඇද දාමින් තිබෙන වැඩක් වෙන්නේ. හර්ෂණ සූරියප්පෙරුම තාම එක දවසක් මුදල් කමිටුවට ඇවිත් නෑ. මොහු පාර්ලිමේන්තුවටත් ඉහළින්ද ඉන්නේ? කමිටුව රැස්වෙලා කාට කතා කරන්නද?”
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරී ඇති වගකීම ඉටු කළ නොහැකි නම් එය ඉටු කළ හැකි අයකුට පැවරිය යුතු යැයි ද හර්ෂ ද සිල්වා එක්ස් පනිවුඩයක් මගින් ප්‍රකාශ කර ඇත. මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුර හොබවන පළමු දේශපාලකයා හර්ෂණ සූරියප්පෙරුම යැයි ද ඔහුගේ තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දී ඇති පොරොන්දු කඩකිරීමක් යැයි ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
(සටහන | ගිම්හාන් ද සිල්වා )




