සී 4 හා සී 5 යන කුරුඳු වර්ග දෙකෙහි මිල ලංකාවේ පළමු වරට රුපියල් 5000 සීමාව ඉක්මවා ගිය බවත් ඒ අනුව මේ බව පැහැදිලි වන බවත් සභාපතිවරයා කීය.
සී 4 හා සී 5 යන කුරුඳු වර්ග දෙකෙහි මිල වෙළෙඳපොල ඉතිහාසයේ මෙවැනි අගයක් දක්වා ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බවත් විජේවික්‍රම පවසයි.
ඒ අනුව කුරුඳු වෙළෙඳපොලට මැදපෙරදිග යුද්ධය බලපා නැති බව පැහැදිලි යැයි ද ඔහු කීය.
ගැටලුව වී තිබෙන්නේ මේ දිනවල පවතින අධික රස්නය හා පෑවිල්ල නිසා කුරුඳු අස්වැන්න නියමාකාරයෙන් නෙලාගැනීම යැයි සභාපතිවරයා පැවැසීය.
කෙසේ වෙතත් කුරුඳු අස්වැන්න නෙලාගැනීමට සුදුසු කාලගුණික වටපිටාව එනතුරු මේ මිල නොවෙනස්ව පැවතියහොත් කුරුඳු කර්මාන්තකරුවන්ගේ හෙට දවස සුබ වනු ඇතැයි ද සභාපති විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.
( කරන්දෙණිය එම් සුසිල් ප්‍රියන්ත - ලංකාදීප එෆ්.ටී.)




