The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'භාණ්ඩාගාර සිද්ධියට' වැඩ තහනමට ලක්වී සිටි සහකාර අධ්‍යක්ෂවරයා අබිරහස් ලෙස මරුට !

T

The Leader Desk

April 30, 2026 • 11:08 AM

 'භාණ්ඩාගාර සිද්ධියට' වැඩ තහනමට ලක්වී සිටි සහකාර අධ්‍යක්ෂවරයා අබිරහස් ලෙස මරුට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ මියගොස් ඇත්තේ, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත නමැති අයෙකි.
  • අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
  • මෙම නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණ ද, ඔහු ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.
  • සිය දිවි හානි කර ගත් බව කියන රංග රාජපක්ෂ, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේ මියගොස් ඇත්තේ, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත නමැති අයෙකි.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

මෙම නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණ ද, ඔහු ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.

සිය දිවි හානි කර ගත් බව කියන රංග රාජපක්ෂ, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග රාජපක්ෂ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

අද (අප්‍රේල් 30) පෙරවරු 10.00ට පමණ ඔහු 'වත්ත පහළ වැඩක් ඇති' බව නිවැසියන්ට පවසා ගොස් ඇති බවත්, පසුව ඔහු නිවසට නොපැමිණි නිසා එහි ගොස් බලන විට ඔහු කෙසෙල් පඳුරක් අසල වැටී සිටින අයුරු නිවැසියන් දැක ඇති බව පොලිසිය පවසයි.

ඔහු වැටී සිටි ස්ථානයේ තිබී පිහියක් ද සොයාගෙන තිබිණි.

කුලියාපිටිය වැඩබලන මහේත්‍රාත් කාංචනා රූපසිංහ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඒ.සී. බාලසූරිය අද පස්වරුවේ එම ස්ථානය ගොස් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර තිබිණ.

කෙසේවෙතත් කවුරුන් විසින් හෝ මොහුව ඝාතනය කළේද ? එසේ නොමැතිනම් සියදිවි හානි කරගත්තේද ? හෝ අත්වැරදීමකින් පාදයේ නහරයක් කැපී යෑම හේතුවෙන් මියගියේද ? යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

 1669829416303 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...