The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත 'අසාදු ලේඛනගත' ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් !

T

The Leader Desk

April 30, 2026 • 12:36 PM

ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත 'අසාදු ලේඛනගත' ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එසේ පැවසුයේ, අද (අප්‍රේල් 30) ධීවර අමාත්‍යංශය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
  • මේ වනවිට රුපියල් බිලියන 5.6ක් වියදම් කරලා ඊට අවශ්‍ය මෘදුකාංග සියල්ල වර්ධනය කරලා අවසන්.
  • තව රුපියල් මිලියන 600කින් පමණ එය අවසන් කරන්න පුළුවන්.
  • නමුත් ලංකාවේ රජයේ ඒ උත්සාහය හා ඊට වැයකළ ජනතා මුදල් පසෙකට දාලා ජෛවමිතික හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සැකසීම ඉන්දියාවට සම්බන්ධ කරන්න ගෝඨාභය රාජපක්ෂ 2021දී පියවර ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එසේ පැවසුයේ, අද (අප්‍රේල් 30) ධීවර අමාත්‍යංශය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් පිළිබඳව හෙළිදරව් කරමින් ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''ඉන්දියාවට අපේ දත්ත සොරකම් කරගෙන, ඒ හරහා අපව පාලනයට ලක් කරන්න අවශ්‍යතාවක් තිබෙනවා. ලංකාවේ ආණ්ඩුව පනින රිළවුන්ට ඉණිමං බඳිනවා වගේ අපේ ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත ගැන තීරණ ගැනීමේ බලය ඉන්දියාවට පූජා කරලා.

2012 වසරේ සිට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් සඳහා ව්‍යපෘතියක් ආරම්භ වුණා. මේ වනවිට රුපියල් බිලියන 5.6ක් වියදම් කරලා ඊට අවශ්‍ය මෘදුකාංග සියල්ල වර්ධනය කරලා අවසන්. තව රුපියල් මිලියන 600කින් පමණ එය අවසන් කරන්න පුළුවන්.

නමුත් ලංකාවේ රජයේ ඒ උත්සාහය හා ඊට වැයකළ ජනතා මුදල් පසෙකට දාලා ජෛවමිතික හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සැකසීම ඉන්දියාවට සම්බන්ධ කරන්න ගෝඨාභය රාජපක්ෂ 2021දී පියවර ගත්තා. එහිදී ටෙන්ඩරය කැඳවූයේ ලංකාවේ රජය. ඒ සඳහා ඉල්ලුම්කළ සමාගම් සුදුසුකම් සැපිරීම තහවුරු කිරීමට අසමත්වීම නිසා එම ප්‍රයත්නය තාවකාලිකව වැලකුණා.

පසුව 2023දී රනිල් වික්‍රමසිංහ ටෙන්ඩර් කැඳවීමක් කරලා සුරා බදු වංචාවකට සම්බන්ධ නිසා අසාදු ලේඛනගත කරනු ලැබූ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමට දෙන්න උත්සහ කළා. සමාජ විරෝධය නිසා එය වැලකුණා. නමුත් එවරත් ටෙන්ඩරය කැඳවූයේ ලංකාවේ රජය.

අනුර දිසානායක ජනාධිපති වු පසුව 2025 ජනවාරි ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා. ඊට අනුව ටෙන්ඩර් කැඳවීමේ බලයත් ඉන්දියාවට දුන්නා. ඒ කළ බරපතළ වැරැද්ද නිසා අපට මේ සම්බන්ධ කිසිම බලපෑමක් කරන්න හැකියාවක් නැති වුණා. මුලින් ඒ සඳහා ඉන්දියානු සමාගම් පහක් ලියාපදිංචි වී තිබුණා. නමුත් 2026 මාර්තු වනවිට හයවන සමාගමක් ලියාපදිංචියට ඇතුළු වෙලා. ඒ ලංකාවේ අසාදු ලේඛනගත සමාගමක් වන මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්‍ටර්ස් සමාගම.

ඒ සමාගම අසාදු ලේඛනයෙන් ඉවත් කළාද? ඉවත් කලේ කුමන හේතු මතද? එසේ නැතිනම් ලංකාවේ අසාදු ලේඛනගත සමාගමකට ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් පවරන්න ඉන්දියාවට ඇති බලය මොකක්ද? ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට දුන්නේ ඇයි? ජනාධිපතිතුමා මේ ගැන වහාම පැහැදිලි කිරීමක් කළ යුතුයි.

ලංකාව ඉන්දියාවේ රූකඩ රාජ්‍යයක් හෝ ප්‍රාන්තයක් නෙවෙයි. මේ ආකාරයට ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ ලංකාවේ දේශපාලන ස්වාධිපත්‍යය පැහැර ගන්න කාටවත් ඉඩ දෙන්න බෑ.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත 'අසාදු ලේඛනගත' ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ! | The Leader