සන්නිවේදන තාක්ෂණ මෙවලම් තුනක් අද (30) ශ්‍රී ලංකා රේගු ප්‍රධාන ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී.
මේ හරහා මෙරටට ගෙන්වන සහ මෙරටින් පිටත්ව යන බහාලුම් සම්බන්ධ කටයුතු වල යෙදෙන ව්‍යාපාරිකයින්ට, ආනයන කරුවන්ට වඩාත් මිත්‍රශීලී කාර්යක්ෂම සේවාවක් සහ පහසුවක් අත්වන බව කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය අනුව ඉදිරියට යමින් ශ්‍රී ලංකා රේගුව හඳුන්වා දුන් නව ක්‍රමවේදයන් හරහා වඩාත් වේගවත් සේවාවක් ලබාදීමට මුල පිරෙන අතර අදියරෙන් අදියර රේගුවේ ඩිජිටල්කරණ කටයුතු සිදු කිරිමට ක්‍රියා කරන බවද ඇමැතිවරයා කීය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත සහ නවීකරණය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලබන නව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) වැඩසටහන් මාලාව එළිදැක්වීමද එහිදී සිදු කෙරිණි.
රේගු මෙහෙයුම් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙහිදී නව පද්ධති තුනක් හඳුන්වා දෙන ලදී. ඒවා නම් CargoFlow පද්ධතිය, Sri Lanka Customs Remittance Portal (ශ්‍රී ලංකා රේගු ප්‍රේෂණ ද්වාරය), e Vessel Service Charges පද්ධතිය වේ.
මෙම නව තාක්ෂණික පද්ධති මගින් රේගු ක්‍රියාවලීන්හි පවතින ප්‍රවණතා නවීකරණය කරමින් වඩාත් විධිමත් සේවාවක් සැපයීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ රාජ්‍ය ආයතන අතර වඩාත් වේගයෙන් ඩිජිටල්කරණය තුළින් මහජනතාවට සේවය සපයන ආයතනයක් බවට රේගුව පත්ව ඇතැයිද, එය තව දුරටත් වැඩි දියුණු කොට ඉදිරියේදී ක්‍රියාකරන බවද සඳහන් කළේය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සහ තොරතුරු සහ සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු රේගුවේ උසස් නිලධාරීන්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
(සටහන | ජේ.මුණසිංහ)