The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

වෘත්තිය සමිතිවලට ගහලා එලවන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙලා - නාමල් රාජපක්ෂ

T

The Leader Desk

April 30, 2026 • 4:25 PM

වෘත්තිය සමිතිවලට ගහලා එලවන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙලා - නාමල් රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
  • ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවතේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
  • මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ, ''වර්තමාන ආණ්ඩුව ඉතිහාසයේ වැඩියෙන්ම කම්කරුවන් අසාධාරණයට ලක් කරපු ආණ්ඩුවක්'' අපි ටී බී ඉලංගරත්න පිළිරුව ඉදිරිපිට හෙට දිනයේ උදේ 8.00 ට පුෂ්පෝපහාර දක්වනවා.
  • එක්කෙන්වත් රාජ්‍ය සේවයේ අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන කෙනෙක්වත් නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවතේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යනු දේශපාලන පත්වීමක් බවත් මේ පත්වී සිටින එක් අයෙකුවත් රාජ්‍ය සේවයේ අවුරුදු ගණනක පළපුරුද්දක් තිබෙන අය නොවන බවත් මෙම පත්වීම් ජනාධිපතිවරයා දීපු පත්වීම් නිසා ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් වැරදි ගිණුමකට ගියා යැයි කියන සිද්ධියට රජය වග කිව යුතු බවත් නාමල් රජපක්ෂ එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

 මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම  ද්විත්ව පුරවැසියෙකු යැයි චෝදනා ලැබීම ගැන ද නාමල් රාජපක්ෂ මෙහිදී අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

''වර්තමාන ආණ්ඩුව ඉතිහාසයේ වැඩියෙන්ම කම්කරුවන් අසාධාරණයට ලක් කරපු ආණ්ඩුවක්''

අපි ටී බී ඉලංගරත්න  පිළිරුව ඉදිරිපිට හෙට දිනයේ උදේ 8.00 ට පුෂ්පෝපහාර දක්වනවා. විශේෂයෙන්ම එතුමා කම්කරුවන් වෙනුවෙන් මේ රටේ සේවාවන් අගය කරමින් විශේෂයෙන්ම මුල අමතක නොකරන දේශපාලන බලවේගයක් විදියට කම්කරු ප්‍රජාව වෙනුවෙන් වැඩියෙන්ම සේවාවක් කරපු ටී බී ඉලංගරත්න මහතාත් එක පැත්තකින් මහින්ද රාජපක්ෂ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අපගේ පක්ෂ නායකයෙනුත් පාක්ෂිකයන් කීපදෙනෙක් එකතු වෙමින් ඉදිරිපිට හෙට ටී බී ඉලංගරත්න පිළිරුව ඉදිරිපිට පුෂ්ප උපහාර දක්වනවා. ඒවගේම තමයි ලංකාවේ හැම ආසනයකම ආගමික වතාවත් කම්කරුවන් වෙනුවෙන් සෙත් පතලා.විශේෂයෙන්ම හවසට කැලණි විහාරස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අපිත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

වර්තමාන ආණ්ඩුව  ඉතිහාසයේ වැඩියෙන්ම කම්කරුවන් අසාධාරණයට ලක් කරපු ආණ්ඩුවක්.හැම වෘත්තීය සමිතියක්ම පාගල දාලා තියෙන්නේ මේ වර්තමාන ආණ්ඩුව. හැබැයි ඔවුන් බලයට ආවේ වෘත්තීය සමිති ව්‍යාපාරයෙන්.  හැබැයි වෘත්තිය සමිතියේ ගැටලුවක් සම්බන්ධයෙන් මැදිහත්  වෙන්න කිව්වම ගහලා එලවන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙනවා.

මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ රටේ කම්කරුවන් වෙනුවෙන් පෙනී හිටින්න. හැබැයි ඔවුන් විපක්ෂයේ ඉන්න කාලේ  කම්කරුවන් වෙනුවෙන් පෙනී හිටියා දැන් බලයට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම කම්කරුවන් පාගලා විනාශ කරන තැනට පත්වෙලා තියෙනවා.

හැබැයි කම්කරු දිනය වැටිලා තියෙන්නේ  පෝය දිනයට. වෙසක් පෝය සම්බන්ධයෙන් මත දෙකක් තියෙන අවස්ථාවක ඉතින් මං හිතනවා ඒ වගේ වෙලාවක අපි විශේෂයෙන්ම බෞද්ධ රටක් විදියට ආගමික වතාවත් වලට ප්‍රමුඛතාවය දෙන්න ඕන

ඒ අයගේ දේශපාලන විඥානය, දේශපාලන හැසිරීම...

ඒ සමහරුන්ගේ දේශපාලන පුරුද්ද දැන් ඔය අයම තමයි අසූවට අසූ නමේ කාලෙත් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා ගෙවල් ගිනි තියලා දැන් මාධ්‍යයට ඇවිත් පිළිගන්නේ අපි ගිනි තිබ්බ තමයි අපි පොලිසියට බොරු කිව්ව තමයි ඇවිල්ල කියනවනේ. බොරු නොකිව්වනං අපි මේ වෙනකොට හිරේ ඉන්නේ කියලා කියනවා.

ඉතින් ඒ අයගේ දේශපාලන විඥානය, දේශපාලන හැසිරීම ඒ වගේම තමයි අරගල වෙලාවෙත් අපි දැක්කා දේශපාලන හැසිරීම තමන්ගේ ගෙවල් ලොකුවට හදාගත්තට අනිත් අයගේ ගෙවල් ගිනි තිබ්බා. ඒක ඒ අයගෙ දේශපාලන හැසිරීම ඒවගේම තමන්ගේ දේශපාලන හැසිරවීම තීන්දු වෙන්නේ වෛරයෙන් නම් කුහකත්වයෙන් නම් බොරු වෙන්නම් තමන් තමන්ගෙ දේශපාලන හැසිරවීම තියෙන්නේ තවත් කෙනෙක්ව පාගල දාන එක නම් තමන්ගේ දේශපාලන විඥානය හැසිරවීම මතය තියෙන්නේ අසූචි මත නම් ඒ අනුව තමයි ඔවුන්ගේ දේශපාලන හැසිරවීම තියෙන්නේ. අද ආණ්ඩුව ඒ වගේ තමයි

“මුදල් ගියපු ගිණුම දන්නෑ කියන්න අණ්ඩුවට බෑ”
පැහැදිලිවම මේ කාරණා සම්බන්ධය මුදල් අමාත්‍යවරයා ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයාත් ලේකම්වරයාත් වග කියන්න ඕන තමන් වෙන ගිණුමකට සල්ලි දාලා දන්නෑ කියන්න බෑ. ඒ කාලේ අර විහිළුවට කිව්වේ මතක නෑ කියලා දැන් මේ දන්නෙ නෑ පොඩි ළමයිනේ නෙවෙයිනේද.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන්නේ දේශපාලන පත්වීමක්. එක්කෙන්වත් රාජ්‍ය සේවයේ අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන කෙනෙක්වත් නෙවෙයි. දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයා දීපු පත්වීමක්. පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරයා විදියට අරගෙන දීපු දේශපාලන පත්වීමක්. ඉතින් දේශපාලන පත්වීමක් තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විදියට පත්වුණා. ජනාධිපතිවරයාම දේශපාලන පත්වීමක් මුදල් ඇමතිවරයා කියන්නේ ඉතිං ඒ අය මේකට වගකියන්න ඕන.

තමන්ට දැන් මම දන්නෑ සල්ලි කොහොමද ගියේ කියලා මේක හැකර් කෙනෙක් උගන්ඩාවට සල්ලි අරන් ගියා වගේ තමයි. ඒ කාලේ බොරු කිව්වා. දැන් තමන් බලයට ඇවිල්ලා හොරකම් කරලා වංචා කරලා මිනිසුන්ගේ මහජන මුදල් විනාශ කරලා ඒක වහගන්න තව බොරුවක් කියනවා ඉතින් ඒක හන්දා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේකට වගකියන්න ඕන. තමන්ට දැන් අත හෝදගන්න බෑ මේ මුදල් ගියපු ගිණුම මම දන්නෑ කියලා අර පෞද්ගලික බැංකුවකින් බිලියන 13ක් ද 14 ක්ද එළියට අරගෙන තියෙනවා.

මුදල් අමාත්‍යංශයට හෝ මහා බැංකුවට සාමාන්‍ය පුරවැසියෙක් ගිහිල්ලා ලක්ෂයක් දැම්මත් ප්‍රශ්න දාහක් අහනවා. ක්‍රෙඩිට් කාඩ් එකකින් ගිහිල්ලා ඉස්කෝලෙ ළමයිට පොත් ටික අරගත්තත් අහනවා කොහෙන්ද සල්ලි කියලා. එහෙම අහන රටේ බැංකුවකින් බිලියන 13ක් එළියට අරගන්නකම් ප්‍රශ්න අහල නෑ එහෙම තියෙන රටක මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක් වැරදි ගිණුමකට දානකම් ප්‍රශ්න අහල නෑ. එහෙව් රටේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් ලක්ෂ හයක් වෙන ගිණුමකට දානකන් ප්‍රශ්න අහලා නෑ. ඒ ඔක්කොම පැත්තකින් තියන්නකෝ එදා එකට දෙපාරක් ගෙවලා දෙපාරක් ගෙවලා. ඒක දන්නෙත් නෑ ඉතිං හරි පව් මේ අය එහෙම බැලුවම.

ජේවීපී එකේ ද්විත්ව පුරවැසිභාවය තියෙන අය ..
ජේවීපී එකේ ද්විත්ව පුරවැසිභාවය තියෙන අය ඉන්නවද මං හිතුවේ රාජපක්ෂ පවුල විතරයි එහෙම කියලා.එදා අපිට චෝදනා කරා අපි ඒවාට මුහුණ දුන්නා දැන් ඔවුන් ද්විත්ව පුරවැසි භාවය තියනවද නැද්ද කියන එක සනාථ කරන්න ඕන. හැබැයි ඔහු  ද්විත්ව පුරවැසියෙක් නම් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා, බොරු කියලා තියෙනවා හොරු  කියන එක මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්. ජේවීපී එකට සාමාන්‍ය දෙයක් .

හැබැයි ඔහු ද්විත්ව පුරවැසියෙක් නම් ඔහු කතානායකවරයාට සහ මේ රටට රටේ ජනතාවට නැවත වතාවක් බොරු කියල තියෙනවා. කට්ටියක් උපාධි ගැන බොරු කිව්වා. සමහරු දැන් ද්විත්ව පුරවැසිභාවය ගැන බොරු කියනවා කිව්වේ ඉතින් ද්විත්ව පුරවැසිභාවයේ ඉන්නේ රාජපක්ෂ පවුලේ අය විතරයි කියලනේ .

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...