The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මහ භාණ්ඩාගාරයේ ලොකු හිල් ගොඩක් ! - මුදල් කමිටුවේදී තොරතුරු හෙළිවේ

T

The Leader Desk

May 1, 2026 • 5:15 AM

මහ භාණ්ඩාගාරයේ ලොකු හිල් ගොඩක් ! - මුදල් කමිටුවේදී තොරතුරු හෙළිවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල් අමාත්‍යාංශයේ ණය ගෙවීම් වැඩ පිළිවෙළ තුළ දැවැන්ත හිඩැස් තිබී ඇති බව භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණයවී යැයිද ඔහු ප්‍රකාශ කළේය.
  • මේ දැවැන්ත හිඩැස් අතරින් හොරුන්ට රිංගා යෑමට හැකිවුණ බවද හෙතෙම සඳහන් කළේය.
  • ( lankalokaya | අසේල පෙරේරා).
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඕස්ට්‍රේලියාවට ණය වශයෙන් ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනිකයන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මාසයකදී  බාර දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝග කළේය

එම වාර්තාව ලැබුණු පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ ණය ගෙවීම් වැඩ පිළිවෙළ තුළ  දැවැන්ත හිඩැස් තිබී ඇති බව භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී  තොරතුරු අනාවරණයවී යැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ දැවැන්ත හිඩැස් අතරින් හොරුන්ට රිංගා යෑමට හැකිවුණ බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ  ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට ඊයේ පස්වරුවේ කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

( lankalokaya | අසේල පෙරේරා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහ භාණ්ඩාගාරයේ ලොකු හිල් ගොඩක් ! - මුදල් කමිටුවේදී තොරතුරු හෙළිවේ | The Leader