The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'දශක ගණනාවකට මේ ආණ්ඩුව පෙරලන්න බෑ' - ජනාධිපති නුවරඑළියේදී කියයි

T

The Leader Desk

May 1, 2026 • 8:48 AM

'දශක ගණනාවකට මේ ආණ්ඩුව පෙරලන්න බෑ' - ජනාධිපති නුවරඑළියේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතාව හා ආණ්ඩුව එකට එක් වූ පාලනයක් බිහිවූයේ ලංකාවේ පළමු වරට යැයි ද එය රැකගැනීම වැඩ කරන ජනයාගේ වගකීමක් යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
  • නුවරළිය දිස්ත්‍රික්කයේ ආපදාවෙන් විපතට පත් ජනයාට නිවාස ඉදිකිරීමේදී ඉඩම් සොයාගැනීම මූලික ප්‍රශ්නයක් වී ඇතත් මලයහ ජනයාගේ ජීවිතය ගෞරවනීය ලෙස ගොඩනගන ආණ්ඩුව බවට ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
  • නුවරඑළියේ දෙමළ මාධ්‍ය ගුරු හිඟයක් ඇතැයි ද දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර දෙමළ මාධ්‍ය විද්‍යා පීඨවල සියලු පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇතැයි ද ඔහු පැවැසීය.
  • රුපියල් කෝටි 10 000ක් මේ යුද්ධයෙන් අසීරුවට පත්වන ජනතාවට වෙන්කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනතාව හා ආණ්ඩුව එකට එක් වූ පාලනයක් බිහිවූයේ ලංකාවේ පළමු වරට යැයි ද එය රැකගැනීම වැඩ කරන ජනයාගේ වගකීමක් යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නුවරළිය දිස්ත්‍රික්කයේ ආපදාවෙන් විපතට පත් ජනයාට නිවාස ඉදිකිරීමේදී ඉඩම් සොයාගැනීම මූලික ප්‍රශ්නයක් වී ඇතත් මලයහ ජනයාගේ ජීවිතය ගෞරවනීය ලෙස ගොඩනගන ආණ්ඩුව බවට ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාතික ජනබලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැයි දින රැලියක් පළමු වරට සංවිධානය කරද්දී මෙතෙක් කල් එහි මැයි දින සංවිධානය කළ දේශපාලන කණ්ඩායම් සොයාගැනීමට නැතැයි ද ඔහු කීවේය.

නුවරඑළියේ දෙමළ මාධ්‍ය ගුරු හිඟයක් ඇතැයි ද දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර දෙමළ මාධ්‍ය විද්‍යා පීඨවල සියලු පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇතැයි ද ඔහු පැවැසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“අපි දිට්වාවලට කෝටි පනස්දාහක් වෙන්කළේ අලුතින් ණයට අරන් නෙවෙයි. රුපියල් කෝටි 10 000ක් මේ යුද්ධයෙන් අසීරුවට පත්වන ජනතාවට වෙන්කළා. ණය අරන් නෙවෙයි. ඉතුරු කරලා. අපි පාරවල් හදනවා පාලම් හදනවා නිවාස හදනවා. සාමාන්‍යයෙන් නිවාසයකට දුන්නේ ඉඩම ගන්න ලක්ෂ 4යි ගේ හදාගන්න ලක්ෂ 12යි. ඒක අපි ලක්ෂ 25 දක්වා වැඩි කළා. නිවාස හැදීමේ වගකීම අපි අරන් තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා. ඉඩම් පිළිබඳ ප්‍රශ්නය. ඉඩමක අයිතිය නිවාසයක හිමිකම අරන් දෙන ආණ්ඩුව ජාජබ ආණ්ඩුව. ඒ වගේම අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් කරනවා. දෙමළ මාධ්‍ය ගුරු හිඟයක් තිබෙනවා. අපි දැනටමත් අමාත්‍යංශය සමග සාකච්ඡා කළා දෙමළ මාධ්‍ය විද්‍යා පීඨවල සියලු පුරප්පාඩු පුරවන්න. ඒවාට වැඩියෙන් දෙමළ දුවා දරුවන් ගන්න. මලයගම් ජනයාගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න අවශ්‍යයි. ඔවුන්ගේ මාවත අධ්‍යාපනය.”

“ සීයා මව අම්මා දුක් වින්ඳා. හැබැයි දරුවට දුක් විදින්න දෙන්න බෑ. මේ කඳු ඇතුලට ගියාම පාරවල් වැටිලා තියෙන්නේ ප්‍රා සභාවට කියනවා තව වෙලාවක වත්තට අයිති කියනවා. කවුරුවත් හදන්නේ නෑ. අපි විශාල මුදලක් වෙන්කරලා ගමට යන පාර හදනවා. ආදායම් මාර්ග ඕනෑ. ගෞරවයක් ඕනෑ. ශතවර්ෂයකට අධික කාලයක් පීඩාවට පත් වූ ජනයාගේ ජීවිතය ගෞරවය ආර්ථිකය ගොඩනගන ආණ්ඩුව මේක. ආණ්ඩුව හදල අවුරුදු එකහමාරයි. මේ ආණ්ඩුව යළි දශක ගණනාවකට හොල්ලන්න බැරි ආණ්ඩුවක්. මේ ආණ්ඩුව හැදුවෙ මේ රටේ ජනතාව. මා ජනධිපති කළේ මගේ ධනය නෙවෙයි. මගේ පවුල් නෙවෙයි. වැඩ කරන දුක් විඳින ජනයා. ඒනිසා අපි කවුද?”

“ ජනතාවයි ආණ්ඩුවයි එකට ගොඩනැගුණු ආණ්ඩුව මේක. ලංකාවේ පළමු වරට ජනතාව හා ආණ්ඩුව එකට බැඳී ඉන්නවා. මෙතෙක් කල් තිබුණේ ජනතාව පාරට බහිනවා. ආණ්ඩුව පොලු අරන් එනවා. ජනතාව උද්ඝෝෂණ කරනවා. ආණ්ඩුව කඳුළු ගෑස් ගහනවා. අපි සමානයි. එකට මල්ලි අයියේ කියන්න පුළුවන්. අම්මෙ කියන්න පුළුවන්. මේ ආණ්ඩුව රකින්නේ ජනතාව. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි සියලු දෙනා එකතු වෙමු. නුවරඑළියේ අද දහස් ගණනක් ජනයා එකතු වෙලා කියන්නේ මේ රට හදන්න අපි ලෑස්තියි කියන එක. අපි ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙමු.”

ගිම්හාන් ද සිල්වා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'දශක ගණනාවකට මේ ආණ්ඩුව පෙරලන්න බෑ' - ජනාධිපති නුවරඑළියේදී කියයි | The Leader