The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

පඤ්ඤාකර හිමියන්ගෙන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකික ජනතාවට සම්මාන

T

The Leader Desk

May 1, 2026 • 5:46 PM

පඤ්ඤාකර හිමියන්ගෙන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකික ජනතාවට සම්මාන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැවත ඇමරිකාව බලා වැඩම කළහ.
  • උන්වහන්සේ පවසා සිටියේ තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකාව වැනි මනුස්සකමින් පිරුණු දේශයක් තවත් කොහේවත් හමු නොවූ බවයි.
  • උන්වහන්සේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසුවේ දඹුල්ලේ සිට කොළඹ දක්වා වූ සිය ගමනේදී දුටු වඩාත් අමතක නොවන දසුන කෙසෙල් කොළ මාවත බවයි.
  • එය රතු පලසකට වඩා දහස් වාරයක් වටිනා ගෞරවයේ සළුවක් ලෙසයි මම දකින්නේ” ශ්‍රී ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයක බව ලෝකයම දන්නා කරුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):

නැවත ඇමරිකාව බලා වැඩම කළහ.

එහිදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේගේ මුවින් පිටවූ වදන් පෙළ මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කිරීමට සමත් විය.

උන්වහන්සේ පවසා සිටියේ තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකාව වැනි මනුස්සකමින් පිරුණු දේශයක් තවත් කොහේවත් හමු නොවූ බවයි.

උන්වහන්සේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසුවේ දඹුල්ලේ සිට කොළඹ දක්වා වූ සිය ගමනේදී දුටු වඩාත් අමතක නොවන දසුන කෙසෙල් කොළ මාවත බවයි.

“රජවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් ලෝකය පුරා රතු පලස් එලනවා මම දැක තිබෙනවා. නමුත් හිරු රශ්මියෙන් රත්වූ මහ පොළොව මත පාවහන් රහිතව වැඩම කළ අපගේ පාද සිසිල් කරන්නට සාමාන්‍ය ලාංකික ජනතාව සැතපුම් ගණනාවක් පුරා කෙසෙල් කොළ අතුරා තිබුණා. ඒ කෙසෙල් කොළ මත ඔවුන් ගලා යන සීතල පැන් ඉසිනවා මම දුටුවා. එය රතු පලසකට වඩා දහස් වාරයක් වටිනා ගෞරවයේ සළුවක් ලෙසයි මම දකින්නේ”

xcvdfsd
ශ්‍රී ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයක බව ලෝකයම දන්නා කරුණකි. පඤ්ඤාකර හිමියන් සිය දේශනයේදී මේ පිළිබඳව අපූරු අදහසක් ඉදිරිපත් කළහ. උන්වහන්සේ පවසා සිටියේ ලංකාවේ මිනිසුන්ගේ අතේ මුදල් හිඟ වුවද ඔවුන්ගේ හදවත්වල ශ්‍රද්ධාව සහ කරුණාව ලෝකයේ වෙනත් කිසිදු ධනවත් රටකට සමාන කළ නොහැකි බවයි.

තමන් වැඩම කරන මාවත දෙපස සිටි කුඩා දරුවාගේ සිට මහලු ආච්චි අම්මා දක්වා වූ සියලු දෙනා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව තමන්ට හැකි උපරිමයෙන් දානය පිරිනැමූ අයුරු උන්වහන්සේ සිහිපත් කළේ නෙතඟ කඳුළක් රඳවාගනිමිනි.

“සමහර අවස්ථාවල මිනිස්සු අපේ ඇඟේ හැපෙන තරමට අපිට ආදරේ කළා. ඒක පීඩනයක් නෙවෙයි ඒක ඔවුන්ගේ හදවතේ තිබුණ භක්තිය පිටාර ගැලීමක්” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

dfsdsdf
ඇමරිකාවේ සිටි මාධ්‍යවේදීන් හමුවේ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ ලෝකයට සාමය සහ කරුණාව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව දෙස බැලිය යුතු බවයි. හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී පීඩාවට පත් වූවෙකු වෙනුවෙන් මාවතක් පුරා කෙසෙල් කොළ අතුරා දිය පොදක් පිරිනමන්නට තරම් උතුම් මිනිස්සු වෙසෙන ඒ දේශය ලෝකයටම ආදර්ශයක් බව උන්වහන්සේ අවධාරණය කළහ.

ලංකාවෙන් නික්ම ගියද ලාංකිකයන්ගේ ඒ කෙසෙල් කොළ සත්කාරය සහ නිහතමානී සිනහව තමන් වහන්සේගේ හදවතේ සදාකාලිකව රැඳෙන බව පඤ්ඤාකර හිමියන් සිය කතාව නිමා කරමින් පවසා සිටියහ.

| lankalokaya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...