The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය 'සිය දිවිනසා ගැනීමක්' බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

T

The Leader Desk

May 2, 2026 • 5:19 AM

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය 'සිය දිවිනසා ගැනීමක්' බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියගිය තැනැත්තාගේ සිරුරේ ඇති කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂණයෙන් නිගමනය කර ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියි.
  • කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩාර, කුලියාපිටිය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, අජිත් ජයසේන, නිකවැරටිය අධිකරණ වෛද්‍ය නිලධාරී ගාමිණී දිසානායක සහ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග යන සිව් දෙනා එම මරණය පිළිබඳ පරීක්‍ෂණය පවත්වා ඇත.
  • හඳුනාගත් තුවාල තියුණු ආයුධයකින් සිදු වූ ඒවා බවත් පවතින සාක්ෂි අනුව මෙම තුවාල ඔහු විසින්ම සිදු කරගත් ඒවා බවට යෝජනා කළ හැකි බවත් එම වාර්තාවෙහි සඳහන්වේ.
  • කෙසේ වෙතත් මරණය සියදිවි නසා ගැනීමක්දැයි වාර්තාවෙහි එක හෙළා ප්‍රකාශ කර නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):


මියගිය තැනැත්තාගේ සිරුරේ ඇති කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂණයෙන් නිගමනය කර ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියි.

කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩාර, කුලියාපිටිය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, අජිත් ජයසේන, නිකවැරටිය අධිකරණ වෛද්‍ය නිලධාරී ගාමිණී දිසානායක සහ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග යන සිව් දෙනා එම මරණය පිළිබඳ පරීක්‍ෂණය පවත්වා ඇත.

හඳුනාගත් තුවාල තියුණු ආයුධයකින් සිදු වූ ඒවා බවත් පවතින සාක්ෂි අනුව මෙම තුවාල ඔහු විසින්ම සිදු කරගත් ඒවා බවට යෝජනා කළ හැකි බවත් එම වාර්තාවෙහි සඳහන්වේ.

කෙසේ වෙතත් මරණය සියදිවි නසා ගැනීමක්දැයි වාර්තාවෙහි එක හෙළා ප්‍රකාශ කර නොමැත.

ඒ අනුව, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව 'නෙත් නිවුස්' කළ විමසීමකදී පොලිසිය සඳහන් කර තිබේ.

රංග රාජපක්ෂ නම් වූ මෙම නිලධාරියා මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියේය.

මරණයට පත්වූ රංග රාජපක්ෂ, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග රාජපක්ෂ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

බ්‍රහස්පතින්දා (අප්‍රේල් 30) පෙරවරු 10.00ට පමණ ඔහු 'වත්ත පහළ වැඩක් ඇති' බව නිවැසියන්ට පවසා ගොස් ඇති බවත්, පසුව ඔහු නිවසට නොපැමිණි නිසා එහි ගොස් බලන විට ඔහු කෙසෙල් පඳුරක් අසල වැටී සිටින අයුරු නිවැසියන් දැක ඇත.

කැපුම් තුවාල සිදු කර ගැනීම සඳහා යොදාගත් බව කියන පිහියක්ද ඔහු වැටී සිටි ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂාව සඳහා බ්‍රහස්පතින්දා (අප්‍රේල් 30) කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා රූපසිංහ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඒ.සී. බාලසූරිය පැමිණ සිටියහ.

මැයි දින රැළිවලදී සැක මතුකරයි

මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ පැවති මැයි රැලි කිහිපයකදීම අදහස් පළ කෙරුණු අතර සමගි ජන බලවේගයේ මැයි දින රැලියේදී අදහස් දැක්වූ කථිකයන් කිහිප දෙනෙකුම කියා සිටියේ මෙම මරණය අපරාධයක් වීමට ඉඩ තිබෙන බවයි.

සත්‍ය වසන් කිරීමේ අපේක්ෂාවෙන් මරණය සිදු කරන්නට ඇතැයි ද එහිදී සැක පළ කෙරින.

සමගි ජන බලවේගයේ මැයි දින වේදිකාවේ දී එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පී පෙරේරා ඊයේ (01) පැවසුයේ, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්‍ෂ රංග නිශාන්ත රාජපක්‍ෂගේ මරණය ඝාතනයක් විය හැකිබවට සැකකරන බවයි.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...