The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

නැගෙනහිර ඓතිහාසික දේවාල ඉඩමක් අල්ලා ගැනීමේ ‘ගුවන් හමුදා තැතක්’

T

The Leader Desk

May 2, 2026 • 3:26 PM

නැගෙනහිර ඓතිහාසික දේවාල ඉඩමක් අල්ලා ගැනීමේ ‘ගුවන් හමුදා තැතක්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොල්ලකෑමට දරන උත්සාහයක් කෝවිලේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයකු විසින් හෙළි කර තිබේ.
  • ජයශංකර් පවසන්නේ රේඩාර් පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් කෝවිල් ඉඩමෙන් කොටසක් ඉල්ලන බව දැනගන්නට ලැබී ඇති බවයි.
  • "ගුවන් හමුදාව රේඩාර් පද්ධතියක් ස්ථාපනය කරන්න අපේ ඉඩමෙන් කොටසක් ඉල්ලන බව මට දැනගන්න ලැබුණා.
  • මෙහෙම තියෙද්දී එයාලා කෝණේෂ්වරම් භූමියට ඇතුළු වීමට උත්සාහ කරන්නේ ඇයි කියලා හොයා බලන කොට, අපේ ඉඩම් සම්පූර්ණයෙන්ම උදුරගන්න බව තමයි අපිට තේරෙන්නේ." ගුවන් හමුදාවේ මෙම උත්සාහය නිසා කෝවිලට අයත් භුමිය සම්පුර්ණයෙන්ම අහිමි වී යාමේ අවදානමක් ගැන අනතුරු අඟවන සී.
අකුරු ප්‍රමාණය (Font Size):

කොල්ලකෑමට දරන උත්සාහයක් කෝවිලේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයකු විසින් හෙළි කර තිබේ.

සියවස් ගණනක් පැරණි ත්‍රිකුණාමලයේ තිරුකෝනේෂ්වරම් කෝවිල් කළමනාකරණ මණ්ඩලයේ යාවජීව සාමාජික සී. ජයශංකර් පවසන්නේ රේඩාර් පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් කෝවිල් ඉඩමෙන් කොටසක් ඉල්ලන බව දැනගන්නට ලැබී ඇති බවයි.

"ගුවන් හමුදාව රේඩාර් පද්ධතියක් ස්ථාපනය කරන්න අපේ ඉඩමෙන් කොටසක් ඉල්ලන බව මට දැනගන්න ලැබුණා. මීට දවස් දෙකකට කලින් මම දැනගත්ත විදිහට, රේඩාර් කියන නවීන උපකරණ එයාලා දැනට ඉන්න චීන වරායේ ස්ථාපනය කරන්න පුළුවන්. දැන් ඒක ඒතරම් පහසුකම් එක්ක නවීකරණය වෙලා තියෙනවා. මෙහෙම තියෙද්දී එයාලා කෝණේෂ්වරම් භූමියට ඇතුළු වීමට උත්සාහ කරන්නේ ඇයි කියලා හොයා බලන කොට, අපේ ඉඩම් සම්පූර්ණයෙන්ම උදුරගන්න බව තමයි අපිට තේරෙන්නේ."


ගුවන් හමුදාවේ මෙම උත්සාහය නිසා කෝවිලට අයත් භුමිය සම්පුර්ණයෙන්ම අහිමි වී යාමේ අවදානමක් ගැන අනතුරු අඟවන සී. ජයශංකර් වැඩි දුරටත් මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර තිබුනේ ගුවන් හමුදාවේ මෙම උත්සාහය පරාජය කිරීම සදහා ලෝක වාසි හින්දු බැතිමතුන් සියළු දෙනා ඒකරාශි විය යුතු බවයි.


"ඒ හින්දා මේ ක්‍රියාවට එරෙහිව සමස්ත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාව විතරක් නෙමෙයි, ලෝකෙ පුරා ජීවත්වන හින්දු භක්තිකයෝ සියලුම දෙනා එකතුවෙලා මේකට දැඩි විරෝධය පළ කරන ලෙසත්, මේ උත්සාහය පරද්දන්න සියලු දෙනා ඉදිරිපත් වන ලෙසත් මම ඉතා බැගෑපත්ව සහ කාරුණිකව ඉල්ලා සිටිනවා."

විදේශ විනිමය අද්දවාගැනීමේ මූලික ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයට රජයේ ආරක්ෂක අංශ හේතුවෙන් මේ වන විටත් එල්ල වී ඇති තර්ජනය ඔහු මාධ්‍යවේදීන් හමුවේ විස්තර කර තිබුනේ පහත අයුරිනි.

"දැනුත් ගේට්ටුව ළඟ හමුදාව — කේනියඩි ළිඳ පිහිටලා තිබ්බ ප්‍රදේශය වහලා හමුදාව ඉන්නවා. ඊළඟට මැද කොටසේ කොටේජ් — පොලිස් කොටේජ් එක තියෙනවා. ඉන් එහා නන්දිමලේ ප්‍රදේශයේ නාවික හමුදාව ඉන්නවා. ඒ හින්දා සංචාරක කර්මාන්තයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. මේ හරහා අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා."

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් පදවියට පත්කර සිටින්නේ හිටපු ගුවන් හමුදාපතිවරයකු වන සම්පත් තුයියකොන්තා ය.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලබා දුන් ත්‍රිකුණාමලය තිරුකෝණේෂ්වර කෝවිලේ  ඔප්පුවට අනුව, එය අක්කර 247 ක භූමි ප්‍රමාණයකින් යුක්ත බන බවයි. මෙම ඉඩමේ  හිමිකමට අදාළ තඹ තහඩු ඔප්පුව (CV 217) ඉන්දියාවේ සිද්ධස්ථානයක ආරක්ෂිතව තබා ඇති බව දේවාල පරිපාලනය පවසයි.


බොහෝ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන් ශිව දෙවියන් නමදින අතර අතීතයේ සිට පැවත එන පංච ඊශ්වරම් ලෙසින් හැඳින්වෙන ශිව දෙවිඳුන් වෙනුවෙන් කැපවූ සිද්ධස්ථාන පහක් ලංකාවේ ස්ථාපිත කර තිබේ. ඒ යාපනයේ කීරිමලේ නගුලේස්වරම්, මන්නාරමේ කේතීස්වරම්, ත්‍රිකුණාමලයේ කෝනේස්වරම්, හලාවත මුන්නේස්වරම් සහ දෙවුන්දර තුඩුවේ තොන්ඩේස්වරම් යන කෝවිල්ය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...