The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට - ලංකාවේ ඉහළට !

T

The Leader Desk

May 3, 2026 • 4:35 AM

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට - ලංකාවේ ඉහළට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙස වාර්තා වී ඇති අතර Brent බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 108.2ක් ලෙසය.
  • මීට අමතරව Murban බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.8ක් ලෙසත් වාර්තා වී තිබේ.
  • මේ අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපය වෙත නැව්ගත කිරීම් වේගවත් කිරීමත් සමග වෙනිසියුලාවේ තෙල් අපනයනය ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
  • එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ අප්‍රේල් මාසයේදී තෙල් අපනයනය දිනකට බැරල් මිලියන 1.23 දක්වා ඉහළ ගොස් ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙස වාර්තා වී ඇති අතර Brent බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 108.2ක් ලෙසය.

මීට අමතරව Murban බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.8ක් ලෙසත් වාර්තා වී තිබේ.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපය වෙත නැව්ගත කිරීම් වේගවත් කිරීමත් සමග වෙනිසියුලාවේ තෙල් අපනයනය ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ අප්‍රේල් මාසයේදී තෙල් අපනයනය දිනකට බැරල් මිලියන 1.23 දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව මෙය 2018න් පසුව වාර්තා වූ ඉහළම අගය බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

ලංකාවේ සියලු ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළට

මේ අතර ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 392ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 458ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් ‍470කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 410ක් ලෙස දැක්වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 265ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

01
IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඉහළ දැමීමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමාගමද සිය මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මිල සහ පෙට්‍රල් 92 මිල සංශෝධනය කර ඇති අතර අනෙක් මිල ගණන් නොවෙනස්ව පවතින බවද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කර ඇත.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 392ක් දක්වා ඉහළ නංවා ඇති අතර පෙට්‍රල් 92 රුපියල් 410ක් දක්වා ඉහළ නංවා තිබේ.

එමෙන්ම අනෙකුත් මිල ගණන් කිසිදු මිල සංශෝධනයක් සිදු නොකිරීමටද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...