The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මුදල් අමාත්‍යංශ නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ

T

The Leader Desk

May 3, 2026 • 5:19 AM

මුදල් අමාත්‍යංශ නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොහු අප්‍රෙල් 30 වැනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.
  • ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, පාසල් ගුරුවරියක් වූ ඔහුගේ බිරිඳ රාජකාරී අවසන් වී පස්වරු 3ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවය.
  • පසුව ඔහු තවත් කාන්තාවක් සමග සිය සැමියා පිළිබඳව සොයාබැලීමේදී දැක ඇත්තේ නිවසේ සිට මීටර 50ක් පමණ දුරින් පොල්ගසක් අසල ඔහු වැටී සිටින ආකාරයයි.
  • අනතුරුව බිරිඳ රාජපක්ෂ මහතාට පපුතෙරපුම් කිහිපයක් ලබාදී තවත් අයෙක් සමග ඔහුව නිවස පිටුපස ඇති මඩුවකට රැගෙනවිත් 1990 ගිලන් රථ සේවය කැඳවුවත් ඔවුන් සිදුකළ පරීක්ෂාවෙන් පසු රංග රාජපක්ෂ මහතා මියගොස් ඇති බව පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මොහු අප්‍රෙල් 30 වැනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, පාසල් ගුරුවරියක් වූ ඔහුගේ බිරිඳ රාජකාරී අවසන් වී පස්වරු 3ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවය.

පසුව ඔහු තවත් කාන්තාවක් සමග සිය සැමියා පිළිබඳව සොයාබැලීමේදී දැක ඇත්තේ නිවසේ සිට මීටර 50ක් පමණ දුරින් පොල්ගසක් අසල ඔහු වැටී සිටින ආකාරයයි.

අනතුරුව බිරිඳ රාජපක්ෂ මහතාට පපුතෙරපුම් කිහිපයක් ලබාදී තවත් අයෙක් සමග ඔහුව නිවස පිටුපස ඇති මඩුවකට රැගෙනවිත් 1990 ගිලන් රථ සේවය කැඳවුවත් ඔවුන් සිදුකළ පරීක්ෂාවෙන් පසු රංග රාජපක්ෂ මහතා මියගොස් ඇති බව පවසා තිබේ.

ඒ මහතා 2013 වසරේ සිට මහබැංකුවට අනුයුක්තව රාජකාරී කර ඇති අතර 2020 වසරේදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෙස පත්ව වැඩතහනමට ලක්වන තෙක් රාජකාරී කළ අයෙකි.

සේවය අත්හිටුවීම නිසා මානසික ආතතියකික්  ...

ඔහු භාණ්ඩාගාර මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් සේවය අත්හිටුවීම නිසා යම් මානසික ආතතියකික් කල්ගතකර ඇති බව පොලිසිය පවසයි.

ඒ මහතා සියදිවි නසාගත් අප්‍රෙල් 30 වැනිදා උදෑසන තමාට ජීවිතය එපා වී ඇතැයි  බිරිඳට පවසා ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

ඔහුට වෙනත් බාහිර පාර්ශ්වයකින් තර්ජන හෝ බලපෑම් තිබූ බවට මේ වන තෙක් පොලිසියට අනාවරණ වී නොමැති බවද සඳහන් වේ.

''අනේ අප්පච්චි අපට කොච්චර ආදරෙයිද''

මරණයට පත්වූ රංග රාජපක්ෂ, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග රාජපක්ෂ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

රංග රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ,

"මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ මුදල් වගයක් හැකර්වරයෙකු අතට පත් වූයේ යැයි කියන සිද්ධියට අදාළව තමා සැමියාගේ රැකියාව අත්හිටුවා තිබුණේ. ඒ ගැන සැමියා හරිම කණගාටුවෙන් සිටියේ. නිතරම කල්පනා කළා. සමාජයට මුහුණ දෙන්න බැහැ කියා සැමියා නිතර කිව්වා. මටයි දරුවො දෙන්නටයි පුදුම ආදරයක් තිබුණේ.'' යනුවෙනි.

මෙහිදී සාක්ෂි දුනු රංග රාජපක්ෂ මහතාගේ බාල දියණිය සඳහන් කළේ,

"අප්පච්චි පිහියකුත් අරගෙන ගෙදරින් එළියට බහින්න හදනකොට මම ඇහැව්වා කොහෙද යන්නේ කියලා . එතකොට අප්පච්චි කිව්වා වත්ත ටිකක් එළිපෙහෙළි කරන්නයි යන්නේ කියලා. උදේට කාලා යන්න කියලා කිව්වම පස්සේ එන්නම් කියලා ගෙදරින් එළියට බැස්සා. ඊයේ අපි දළදා මාළිගාව වඳින්න යන්න සූදානම් වෙලා හිටියා. අනේ අප්පච්චි අපට කොච්චර ආදරෙයිද. එයා නිතරම අපි ගැන හොයලා බැලුවා. අක්කා කැම්පස් එකට තේරුණුදාත් අප්පච්චි හරි සතුටු වුණා. ''  යනුවෙන්.

ඔහු භාවිත කළ ජංගම දුරකතනය අප්‍රෙල් 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම විමර්ශන කටයුතු සඳහා භාරයට ගෙන තිබේ.

මරණය සියදිවි නසාගැනීමක් !

වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්‍ෂගේ මරණය සියදිවි නසාගැනීමක් බවට පෙරේදා (මැයි 01) සිදුකළ මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.

මියගිය තැනැත්තාගේ සිරුරේ ඇති කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂණයෙන් නිගමනය කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියි.

ඔහුගේ පශ්චාත් මරණ පරික්ෂණය කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉලංගරත්න බංඩාර, කුලියාපිටිය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන හා නිකවැරටිය අධිකරණ වෛද්‍ය නිලධාරි ගාමිණි දිසානායක සහ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි සම්පත් සේනතුංග යන සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදුකර තිබිණ.

ඔබට සහයක් අවශ්‍ය ද?

මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.

දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...