එහිදී රඳවගෙන ප්‍රශ්ණ කරන ලද එම භික්ෂුන් වහන්සේලා විසිදෙනම සහ මෙරට රැඳී සිටි අඟුණකොළේ අමිත නමැති භික්ෂුව නැවත මැයි මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරනය නියෝග කළේය.
මෙරට සිට මෙම නඩුවේ සැකකරුවකු වන අගුණකොලේ අමිතානන්ද හික්ෂුන් වහන්සේ මෙහෙයවනු ලැබුවේ යැයි කියන අඹගස්මුල්ලේ පුන්‍යරතන නම් වු හික්ෂුවක් සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් උන්වහන්සේ සැඟව සිටින බවත් විමර්ශන නිලධාරී සඳහන් කළේ ය. එම භික්ෂුව මෙම නඩු වල 4 වන සැකකරු ලෙස නම් කරන බවද ඔවුන් සඳහන් කළේ ය.
තායිලන්තය බලා ගිය භික්ෂුන් වහන්සේලා විසිදෙනම නවාතැන් පහසුකම් සඳහා හෝටල් ලබා දි එරට සිට සිද්ධිය මෙහෙය වු බෙල්පිටියේ දම්මරක්කිත නෙහොත් දම්ම නැමැති භික්ෂුද අත්අඩංගුවට ගැනීමට සඳහා විමර්ශන සිදු කරන බවත්, උන්වහන්සේ නඩු සියල්ලේම 5 වන සැකකරු ලෙස නම් කරන බවද විමර්ශන නිලධාරී උප පොලිස් පරික්ෂක රාජපක්ෂ අධිකරණයට දන්වා සිටියේය.
ඉකුත් අප්‍රේල් 25 වැනිදා මෙම භික්ෂුන් වහන්සේලා විසිදෙනම ලංකාවට එන විට ගමන් මලු සකසා දී ඇත්තේද ඒ ධම්ම නැමති භික්ෂුව බව ඔහු අධිකරණය හමුවේ සඳහන් කළේ ය.
තායි රේගුවෙන් අභ්‍යන්තර විමර්ශනයක්
මේ අතර බැංකොක් සිට පැමිණි ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා පිරිස මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට ගැනීම ගැන තායි දොන් මුවාන්ග් ගුවන්තොටුපළ රේගුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
දොන් මුවාන්ග් ගුවන්තොටුපළ රේගු කාර්යාලයේ රේගු පාලන අංශයේ අධ්‍යක්ෂ පංයාපෝන් ෆමොන්පෝල් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම සිද්ධියෙන් පසු, දොන් මුවාන්ග් ගුවන්තොටුපළ රේගු කාර්යාලය, ආගමන විගමන කාර්යාංශය දක්වා අදාළ සියලුම ආයතන සමඟ සම්බන්ධීකරණය කර, විවිධ මාධ්‍ය ආයතන විසින් වාර්තා කරන ලද පරිදි, මෙම බෞද්ධ භික්ෂූන් කණ්ඩායම සැබවින්ම තායි ගුවන්තොටුපළකින් පිටත්ව ගියාද යන්න ඒකාබද්ධව තහවුරු කළ බවයි.
ඒ අනුව සියලුම CCTV දර්ශන සමාලෝචනය කිරීම ඇතුළුව මූලික පරීක්ෂාවන් සිදු කර ඇත.




