* මුලතිව් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට චෝදනා
* 6 දෙනෙකුට තුවාල, දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේ | ප්‍රදේශවාසීන් බියෙන්...
මුලතිව් නන්දිකඩාල් කලපුවේ මාළු බාන්නට ගිය ධීවර කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක්, ප්‍රාදේශීය දේශපාලන කල්ලියක් විසින් ජාතිවාදය අවුස්සන මෙහෙයුමක් බවට පෙරළා ඇති බවට බරපතල චෝදනාවක් එල්ල වේ.
වාර්තාවන අන්දමට පසුගියදා නන්දිකඩාල් කලපුවේ මසුන් මරමින් සිටි ධීවරයන් 6 දෙනෙකු අතර උත්සන්න වූ බහින්බස්වීමක් දුරදිග ගොස්, දෙපිරිස අතර පොලු මුගුරුවලින් පහරදීමක් සිදුව ඇත.
මෙම ගැටුමෙන් දෙපාර්ශවයේම 6 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත. තුවාලකරුවන් අතර මුස්ලිම් සහෝදරයන් 3 දෙනෙකු සහ දෙමළ සහෝදරයන් 3 දෙනෙකු වෙයි. මේ වන විට පුද්ගලයින් 2 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, සෙසු 4 දෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
දේශපාලන කුමන්ත්‍රණයක් ද?
වාර්තා වන පරිදි, මෙම ධීවර ගැටුම සාමාන්‍ය සිදුවීමක් නොව, ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු දූෂිත දේශපාලන කල්ලියක් විසින් සැලසුම් සහගතව ජාතිවාදය අවුස්සන ලද කුමන්ත්‍රණයක් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, අදාළ මන්ත්‍රී කල්ලිය විසින් දෙමළ තරුණයින් පිරිසකට රුපියල් ලක්ෂ 4ක මුදලක් ලබා දී, මුස්ලිම් ධීවර තරුණයින්ට පහර දීමට 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සූදානම් කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
"මේක ධීවර රණ්ඩුවක් නෙවෙයි. ජාතිවාදය අවුස්සලා ඡන්ද ගන්න දේශපාලකයෝ කරන අශික්ෂිත වැඩක්. පොලිසිය බලාගෙන ඉන්නවා. අපි බයෙන් ඉන්නේ" යැයි නම හෙළි කිරීමට අකමැති ප්‍රදේශවාසියෙක් පැවසීය.
පොලිසිය අසමත් ද?
මෙම සිදුවීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට ප්‍රදේශයේ දැඩි කතාබහක් ඇතිව තිබියදීත්, පොලිසිය හා ආරක්ෂක අංශ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.
"පොලිස් ආරක්ෂාව තිබුණත් ඵලක් නැහැ. දූෂිත දේශපාලකයෝ නීතියට උඩින් ඉන්නවා" යැයි තවත් ප්‍රදේශවාසියෙක් චෝදනා කළේය.
ප්‍රදේශයේ සාමය කඩවන මෙවැනි සිදුවීම්වලට දේශපාලකයින්ගේ සෘජු මැදිහත්වීම් සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, වරදකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ප්‍රදේශවාසී ජනයා ඉල්ලා සිටිති.




