සිදුවූවක් නොවන බවත්, එය මූලික විමර්ශනවලට අනුව පද්ධතිමය තාක්ෂණික දෝෂයක් ලෙස හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
මෙම සිදුවීම වාර්තා වූ වහාම රජය ඊට කඩිනමින් මැදිහත් වී විධිමත් විමර්ශන ක්‍රියාවලියක් සඳහා උපදෙස් ලබා දී ඇති අතර, එහි අවසන් නිගමන ලබාගැනීමට නියමිතව තිබේ.
මෙය හුදෙක් තාක්ෂණික හා පරිපාලනමය කරුණු මත පදනම්ව මහ බැංකුව තුළ ඇති වූ තත්ත්වයක් බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“මේ ක්‍රියාවත් දේශපාලන අධිකාරියේ ඇති වෙච්චි කතාවක් නෙමෙයි. විදුහල්පතිවරයා පාසලක් පාලනය කරගෙන යනකොට පන්ති කාමරයේ ඇති වන සිද්ධියකට ඍජුව අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධ වෙනවා යැයි කියනවා වැනි උදාහරණයක් මේ. ජනාධිපති අනුර දිසානායක ඇවිත් මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ. දැනට පෙනී යන්නේ මේක නිලධාරීන්ගේ අතින් සිදු වූ තාක්ෂණික ගැටලුවක් බවයි.”
දෙස් විදෙස් ආයතනවල සේවය කර ඇති අත්දැකීම් බහුල වත්මන් මුදල් ලේකම්වරයාගේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයාට මෙන්ම රජයට පූර්ණ විශ්වාසයක් පවතින බවත්, මෙම ගැටලුව ඔහුගේ අසමත්භාවයක් ලෙස දැක්වීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඇමති වටගල අවධාරණය කළේය.
මීට අමතරව මුදලක් අතුරුදන් වීමේ තවත් සිද්ධියක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව පැවසූ ඇමතිවරයා , “මේ කිසිවක් දේශපාලනමය වශයෙන් සිදුවූ අතපසුවීමක ප්‍රතිඵලයක් නෙමෙයි. අපි මෙහෙම කියන්නේ අත පිහදාගන්න නෙමෙයි,” යනුවෙන් ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
| lankalokaya




