The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'ශ්‍රමයට එරෙහි වන්න ජවිපෙට සිදුවෙලා' - ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

T

The Leader Desk

May 4, 2026 • 4:26 AM

'ශ්‍රමයට එරෙහි වන්න ජවිපෙට සිදුවෙලා' -  ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරැණි තන්ත්‍රයේ මූලික හරයෙන් බැහැර නොවූ ආණ්ඩුව ප්‍රාග්ධනය විසින් අල්ලාගනු ලැබී යැයි ද එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස ශ්‍රමයට එරෙහිවීමට ආණ්ඩුවට සිදුව ඇතැයි ද ලේකම්වරයා කීය.
  • රංජන් සේනානායක මේ අදහස් පළ කළේ Inside voice ඉරිදා සංවාදය සමඟ සම්මුඛ වෙමිනි.
  • මෙම පසුබිමෙහි ජාතික ශ්‍රම ප්‍රතිපත්තියක් සැකැසීම ඇතුළුව යෝජනා 25ක් අන්තර්ගත වන සේ මැයි දින යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කළේ යැයි ද ඔහු පැවැසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


පැරැණි තන්ත්‍රයේ මූලික හරයෙන් බැහැර නොවූ ආණ්ඩුව ප්‍රාග්ධනය විසින් අල්ලාගනු ලැබී යැයි ද එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස ශ්‍රමයට එරෙහිවීමට ආණ්ඩුවට සිදුව ඇතැයි ද ලේකම්වරයා කීය.

බහුජාතික සමාගම් ඩොලර් සංචිත විදේශයන්ට රැගෙන යාමට එරෙහිව එදා සටන් කළ ජවිපෙ නායකයන් අද නිහඬව සිටීම ඊට හොඳම නිදසුනක් යැයි ද ඔහු කීය.

රංජන් සේනානායක මේ අදහස් පළ කළේ Inside voice ඉරිදා සංවාදය සමඟ සම්මුඛ වෙමිනි.

මෙම පසුබිමෙහි ජාතික ශ්‍රම ප්‍රතිපත්තියක් සැකැසීම ඇතුළුව යෝජනා 25ක් අන්තර්ගත වන සේ මැයි දින යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කළේ යැයි ද ඔහු පැවැසීය.

මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ආන්ඩුව මෙන්ම විපක්ෂය ද නිවැරදිව මතවාදී මැදිහත්වීමක් කළේ නැතැයි ද බලය ලබාගන්නා පිරිස්වල පැවැත්ම ලෝක මූල්‍ය ප්‍රාග්ධනය හා බලවතුන් මත තීරණය වීම ඊට හේතුව යැයිද ඔහු පැවැසීය.

එවැනි ප්‍රශ්න සෘජුව කතා කිරීමට ලංකාවේ දේශපාලන පක්ෂ නිර්භය නැතැයි ද ඒ අනුව මෙවර ලංකා බැංකු සේවක සංගමය ඇතුළුව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මැයි දින රැලිය ' අධිරාජ්‍යවාදී කොල්ලකාරී ජනසංහාරක යුද්ධය පරදවමු' යන තේමාවෙන් පැවැත් වී යැයි ද රංජන් සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය.

| ගිම්හාන් ද සිල්වා

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...