The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'ජනපති ප්‍රකාශය ගැන අධිකරණ සේවා කොමිසම මැදිහත් විය යුතුයි': පාර්ශ්ව රැසකින් විවේචන

T

The Leader Desk

May 4, 2026 • 5:33 AM

'ජනපති ප්‍රකාශය ගැන අධිකරණ සේවා කොමිසම මැදිහත් විය යුතුයි': පාර්ශ්ව රැසකින් විවේචන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මැයි දින රැලියකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන එම සංවිධානයේ විධායක සභික ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් මෙම ඉල්ලීම කරනු ලැබ ඇත.
  • විවාදයට තුඩු දී ඇති ප්‍රකාශය ජනාධිපතිවරයා ක⁣ළේ මැයි 1 වැනිදා මහරගමදී පැවති ජාජබ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමිනි.
  • "මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ට නඩු 15ක් – ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් – මේ මැයි මාසෙ අධිකරණ හමුවේ තියෙනවා.
  • අප්‍රේල් 30 ඊයෙ එකක් ඇහුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මැයි දින රැලියකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන එම සංවිධානයේ විධායක සභික ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් මෙම ඉල්ලීම කරනු ලැබ ඇත.

විවාදයට තුඩු දී ඇති ප්‍රකාශය ජනාධිපතිවරයා ක⁣ළේ  මැයි 1 වැනිදා මහරගමදී පැවති ජාජබ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමිනි.

එම ප්‍රකාශය මෙසේය.

"මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ට නඩු 15ක් – ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් – මේ මැයි මාසෙ අධිකරණ හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයෙ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කිව්වා මැයි 25. ඊයෙ ඇහුවා නඩුවක්, තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25. එහෙමයි කරන්නෙ."

" එතකොට මොකද වෙන්නෙ ? ඒගොල්ලො කලබල වෙනවා. ඒගොල්ලො කලබල වෙන්න ඕනෙ. ඇයි ? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි එයා පස්සෙ එන බව දන්නෙ. ඉතින් ඒගොල්ලො කලබල වෙලා ආණ්ඩුව වට්ටනවා කියනවා. එහෙම වට්ටන්න බෑ”

අධිකරණය සැකයට බඳුන් කරන පරිසරයක්: ජානිපෙන් නිවේදනයක්

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ  නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, පසුගිය ජාත්‍යන්තර කම්කරු දින රැලිවලදී ආණ්ඩුවට අයත් පාර්ශ්ව විසින් අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ සැක සහ අවිශ්වාසය මතුකරන ආකාරයේ අදහස් ප්‍රකාශයට පත් කළ බවයි.

තවද, අනාගතයේදී අධිකරණයෙන් ලැබීමට නියමිත තීන්දු සහ ඒවාට අදාළ දින පවා සදහන් කරමින්, එම තීන්දු පිළිගැනීමට ජනතාව සූදානම් විය යුතු බවට ජනාධිපතිවරයා කළ ආරාධනය ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරන බවද ඔහු පෙන්වා දෙයි.

මෙවැනි ප්‍රකාශ මගින් අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය දේශපාලන බලපෑම්වලට ලක්වී ඇතිද යන්න පිළිබඳ සැක මතුවන බවද එහි සඳහන් වේ.

එසේම, ජනාධිපතිවරයාට අමතරව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද මැයි දින රැලිවලදී සමාන අදහස් පළ කිරීම හේතුවෙන්, අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය දුර්වල විය හැකි බව විමල් වීරවංශ වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

"25 තීන්දුව ගැන අගවිනිසුරු විමසිය යුතුයි" : අජිත් පී පෙරේරා

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ 25 වැනිදා ලබාදීමට නියමිත බව කියන තීන්දුව අදාළ විනිසුරු විසින් ජනාධිපතිවරයාට පවසනු ලැබුවේද යන්න ප්‍රශ්නයක් බවයි.

එය එසේ නම් අගවිනිසුරුවරයා එම විනිසුරු සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බව ද ඔහු කීය.

රාජපක්ෂලාට එරෙහිව ඉඳහිට හෝ ලැබෙන්නේ යහපාලන ආණ්ඩු සමයේ ගොනුකළ නඩුවල තීන්දු යැයි කී හෙතෙම ජාතික ජනබලවේග ආණ්ඩුව රාජපක්ෂලාට එරෙහිව කිසිදු නඩුවක් අලුතින් ගොනුකර නැතැයි චෝදනා කළේය.

නීතිඥ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී මෙසේ ද කීය.

" ආණ්ඩු කරපු කෙනෙක් 25 වැනිදා හිරේ යන බව ජනාධිපතිවරයා කිව්වා. සතුටට කරුණක් කියලත් කිව්වා. අපිත් ආණ්ඩු කළා. හැබැයි සමගි ජනබලවේගයේ කාටවත් නඩු නෑ. ඒ නිසා නිසැක වශයෙන්ම හිරේ යනව නම් යන්නෙ මේ රට විනාශ කරන්න දායක වෙච්ච රාජපක්ෂ කඳවුරේ කෙනෙක්. අපි හොයල බලනව 25 තීන්දුවට තිබෙන නඩුව මොකක්ද? දූෂණයට මග පෙන්වපු බැසිල් රාජපක්ෂට අලුතින් නඩු දැම්මෙත් නෑ. තීන්දුවකුත් නෑ. බැසිල් රටෙත් නෑ. වරෙන්තුත් නෑ. දූෂණයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂටත් නඩු නෑ. චෝදනාවක්වත් නෑ. රාජපක්ෂ දරුවන්ගේ නඩු දිනෙන් දින කල් යනවා. අජිත් නිවාඩ් කබ්රාල්ට තිබුණු එකම නඩුවත් අස්කරගත්තා. මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු එකහමාරයි. අපි හදපු දූෂණවිරෝධී අධිකරණයෙන් එක නඩුවක්වත් අලුතින් දාන්න බැරිවුණා. ඉඳ හිට ලැබෙන්නේ යහපාලන කාලේ අපි දාපු නඩු. ජනාධිපති මුක්තියට මුවා වෙලා ගෝඨාභය අස්කරගත් නඩුව නැවත දැම්මෙත් නෑ. 25 තිබෙන නඩුව ලොක්කෙක්ගෙ වුනත් සොක්කෙක්ගෙ වුනත් ඒ නඩු තීන්දුව දෙන නඩුකාරයා ජනාධිපතිවරයාට ඒක කිව්ව නම් ඒ නඩුකාරයා ගැන පියවර ගන්න අගවිනිසුරු වහාම කටයුතු කළ යුතුයි"

| ගිම්හාන් ද සිල්වා

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...