The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

වැට් බදු ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍යයි -නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි

T

The Leader Desk

May 4, 2026 • 4:29 PM

වැට් බදු ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍යයි -නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය විසින් මෑතකදී නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් පදනම් කර ගනිමින්, එකතු කළ අගය මත බද්ද (VAT) සියයට 20.5 දක්වා ඉහළ නංවා ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අවධාරණය කරයි.
  • කොළඹ කොටුව මුදල් අමාත්‍යංශයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම සංශෝධනය මගින් පොදු වැට් බදු අනුපාතය ඉහළ දැමීමක් සිදු නොවන අතර, සිදුවන්නේ මූල්‍ය සේවා සඳහා පනවා ඇති බදු ක්‍රමය සරල කිරීමක් පමණක් බවයි.
  • නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, බැංකු හා මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා සඳහා මින් පෙර සියයට 18ක වැට් බද්දක් සහ සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් (SSCL) ලෙස බදු වර්ග දෙකක් අය කරන ලදී.
  • මෙම බදු දෙකේ එකතුව සියයට 20.5කි.
අකුරු ප්‍රමාණය (Font Size):


රජය විසින් මෑතකදී නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් පදනම් කර ගනිමින්, එකතු කළ අගය මත බද්ද (VAT) සියයට 20.5 දක්වා ඉහළ නංවා ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අවධාරණය කරයි.

කොළඹ කොටුව මුදල් අමාත්‍යංශයේ අද  (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම සංශෝධනය මගින් පොදු වැට් බදු අනුපාතය ඉහළ දැමීමක් සිදු නොවන අතර, සිදුවන්නේ මූල්‍ය සේවා සඳහා පනවා ඇති බදු ක්‍රමය සරල කිරීමක් පමණක් බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, බැංකු හා මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා සඳහා මින් පෙර සියයට 18ක වැට් බද්දක් සහ සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් (SSCL) ලෙස බදු වර්ග දෙකක් අය කරන ලදී. මෙම බදු දෙකේ එකතුව සියයට 20.5කි.


නව සංශෝධනය යටතේ සිදුකර ඇත්තේ මූල්‍ය සේවා මත පනවා තිබූ සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කර, එම ප්‍රමාණය වැට් බද්දට එකතු කිරීමයි. ඒ අනුව 2026 ජූලි මස සිට මූල්‍ය සේවා සඳහා වන වැට් බද්ද සියයට 20.5ක් ලෙස සටහන් වුවද, මූල්‍ය ආයතන මත පැටවෙන සමස්ත බදු බරෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැහැදිලි කළේය.


සාමාන්‍ය භාණ්ඩ හා සේවා සඳහා දැනට පවතින සියයට 18ක වැට් බදු අනුපාතයෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත්, පාරිභෝගික භාණ්ඩ මත අමතර බදු බරක් පැටවීමට රජය කටයුතු කර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

මෙම වෙනස සිදුකිරීමට ප්‍රධානතම හේතුව බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සහ සරල කිරීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මින් පෙර බැංකු හා මූල්‍ය ආයතන බදු වර්ග දෙකක් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් වාර්තා රැසක් ඉදිරිපත් කළ යුතු වූ අතර, නව ක්‍රමය යටතේ ඔවුන්ට ඉදිරිපත් කළ යුතු වන්නේ එක් බදු වාර්තාවක් පමණි. මෙය බැංකු ක්ෂේත්‍රයේ ද ඉල්ලීමක් වූ බවත්, එමගින් බදු ගෙවන්නන්ට මෙන්ම බදු පරිපාලනයට ද විශාල පහසුවක් සැලසෙන බවත් හෙතෙම සඳහන් කළේය.

බදු ක්‍රමය වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට රජය සැලසුම් කර ඇත. ඒ යටතේ වැට් බදු ගෙවන්නන් සඳහා 'Point of Sale' (POS) යන්ත්‍ර පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරන බවත්, එමගින් ගනුදෙනු පිළිබඳ දත්ත සෘජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන බැවින් බදු වාර්තා සැකසීම සරල වන අතර බදු ප්‍රතිපූරණ (Refunds) කඩිනමින් ලබා දීමට හැකි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


රජයේ අවසන් අරමුණ බදු පදනම පුළුල් කර ආදායම වැඩිකර ගැනීම හරහා දැනට පවතින සියයට 18ක වැට් බදු අනුපාතය අනාගතයේදී තවදුරටත් අඩු කර ජනතාවට සහන සැලසීම බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර වැඩිදුරටත් කියා සිටියේය.


(සටහන | ජේ. මුණසිංහ)

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...