The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පෙත්සමක් ඉවත දමයි

T

The Leader Desk

May 4, 2026 • 4:32 PM

ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පෙත්සමක් ඉවත දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
  • එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.
  • ඉකුත් මහ මැතිවරණය පැවතියේ 2024 වසරේ නොවැම්බර් මස බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ 2025 වසරේ ඔක්තෝබර් මාසයේ බවත් සඳහන් කළේය.
  • ඒ අනුව නිසි කාලය ඉක්මවා යාමෙන් පසුව පෙත්සම්කරුවන් මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් ඇය පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සුවසේන සහ අචල වෙංගප්පුලි ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉකුත් මහ මැතිවරණය පැවතියේ 2024 වසරේ නොවැම්බර් මස බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ 2025 වසරේ ඔක්තෝබර් මාසයේ බවත් සඳහන් කළේය.

ඒ අනුව නිසි කාලය ඉක්මවා යාමෙන් පසුව පෙත්සම්කරුවන් මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් ඇය පැවසුවාය.

පෙත්සමේ ඌනතාවක් !

ඊට අමතරව පෙත්සම්කරුවන් දෙදෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ සමගි ජන බලවේගය සමග ඇති කරගත් සන්ධානයක් යටතේ බවත් ඒ අනුව සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් නොකිරීම ඌනතාවක් බවත් ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම මත ඔවුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තුව වෙත දැනටමත් ලිපියක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ ලෙසත් ඉල්ලා සිටියාය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් මහ මැතිවරණයේදී තම සේවාදායකයින්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගත වී  මහ මැතිවරණයට තරඟ කළ බව පෙන්වා දුන්නේය.

ඒ අනුව ඔවුන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් බවට මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

එම නිසා තම සේවා දායකයින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම නඩුකරය ගොනු කිරීමට සිදුවූ බවත් ඔහු පැවසිය.

පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලීමක්

කෙසේ වෙතත් පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට මැතිවරණ කොමිසම විසින් දැනටමත් ලිපියක් නිකුත් කර ඇති බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඉඩ දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කළේය.

මේ අවස්ථාවේදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ සන්ධානයකට බැවින් මෙම පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව තුළ පක්ෂයක් නියෝජනය කරන්නේ කෙසේදැයි විමසිය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ සුමන්දිරන්, ඡන්ද දායකයින් සන්ධානයක් වෙත ඡන්දය ප්‍රකාශ කර තිබුණද මනාප ඡන්ද තුළින් තමන් කැමති සාමාජිකයකු තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව පැවසිය.

කෙසේ වෙතත් දෙපාර්ෂවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පෙත්සමක් ඉවත දමයි | The Leader