The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මුලතිව් 'කාන්ඩිබන්' පොලී මුදලාලිට කොටුවූ තරුණ යුවලක් වහ බී රෝහලේ!

T

The Leader Desk

May 5, 2026 • 5:56 AM

මුලතිව් 'කාන්ඩිබන්' පොලී මුදලාලිට කොටුවූ තරුණ යුවලක් වහ බී රෝහලේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් නිල නිවාසවල 'අඩිය ගහන' පොලීකාරයාට එරෙහිව ජනතා විරෝධය * ලක්ෂයකට දවසට රු.1000යි!
  • ජාතික ඔසුසැල් ඇතුළු කඩ රැසක් වැසී යයි | "පොලිසියත් එක්ක ෆිට් එක" - ප්‍රදේශවාසීන් මුලතිව් ප්‍රදේශයේ 'කාන්ඩිබන්' නමින් ප්‍රසිද්ධ පොලී මුදලාලියෙකුගේ දැඩි පීඩනය සහ හිංසනය හේතුවෙන්, විද්‍යානන්ද විද්‍යාලය අසල පොත් සාප්පුවක සේවය කළ තරුණ යුවලක් වස පානය කර රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
  • අප වෙත වාර්තා වන පරිදි, 'කාන්ඩිබන්'( Kandeeban) නමැති 30 හැවිරිදි අදාළ පුද්ගලයා මාමුල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, ඔහු රුපියල් ලක්ෂයකට දිනකට රුපියල් 1000 බැගින් වන අසාමාන්‍ය පොලියකට මුදල් ලබා දෙන බවට චෝදනා එල්ල වේ.
  • වඩාත්ම බරපතල කරුණ වන්නේ, 'කාන්ඩිබන්' පොලිස් නිලධාරීන් සමඟ සමීප සබඳතා පවත්වන බවටත්, ඔහු නිතර පොලිස් නිල නිවෙස් වෙත ගොස් නිලධාරීන් සමඟ එක්ව මධුවිත සාද පවත්වන බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිස් නිල නිවාසවල 'අඩිය ගහන' පොලීකාරයාට එරෙහිව ජනතා විරෝධය

* ලක්ෂයකට දවසට රු.1000යි!

* ජාතික ඔසුසැල් ඇතුළු කඩ රැසක් වැසී යයි |

"පොලිසියත් එක්ක ෆිට් එක" - ප්‍රදේශවාසීන්


මුලතිව් ප්‍රදේශයේ 'කාන්ඩිබන්' නමින් ප්‍රසිද්ධ පොලී මුදලාලියෙකුගේ දැඩි පීඩනය සහ හිංසනය හේතුවෙන්, විද්‍යානන්ද විද්‍යාලය අසල පොත් සාප්පුවක සේවය කළ තරුණ යුවලක් වස පානය කර රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

අප වෙත වාර්තා වන පරිදි, 'කාන්ඩිබන්'( Kandeeban) නමැති 30 හැවිරිදි අදාළ පුද්ගලයා මාමුල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, ඔහු රුපියල් ලක්ෂයකට දිනකට රුපියල් 1000 බැගින් වන අසාමාන්‍ය පොලියකට මුදල් ලබා දෙන බවට චෝදනා එල්ල වේ.

වඩාත්ම බරපතල කරුණ වන්නේ, 'කාන්ඩිබන්' පොලිස් නිලධාරීන් සමඟ සමීප සබඳතා පවත්වන බවටත්, ඔහු නිතර පොලිස් නිල නිවෙස් වෙත ගොස් නිලධාරීන් සමඟ එක්ව මධුවිත සාද පවත්වන බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කිරීමයි.

"පොලිසියත් එක්ක තියෙන ෆිට් එක නිසා තමයි මිනිහාට නීතිය අදාල නැත්තේ" යැයි නම හෙළි කිරීමට අකමැති ප්‍රදේශවාසියෙක් වෙත පැවසීය.

වහ බී රෝහලේ, ගෙවල් කුඩු:  

'කාන්ඩිබන්' අඛණ්ඩ කරදර කිරීම් සහ තර්ජන දරාගත නොහැකිව, විද්‍යානන්ද පාසල අසල පොත් සාප්පුවක සේවය කළ තරුණ යුවල සතියකට උඩදී වහ පානය කර ඇති අතර, ඔවුන් මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

එමෙන්ම, ණය ගෙවීමට නොහැකි වූ පුද්ගලයින්ගේ නිවාස ද 'කාඩිබන්' විසින් කුඩුපට්ටම් කර ඇති බවට ද ඔහුටම සින්න වූ බවට ද පැමිණිලි ලැබී ඇත. ඔහුගේ නිවසට ගෙන ගොස් මංකොල්ලකෑමේ සිදුවීම් ද වාර්තා වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ව්‍යාපාර වැසී යයි:  

'කාඩිබන්ගේ' මෙම අසාමාන්‍ය පොලී ජාවාරම හේතුවෙන්, ප්‍රදේශයේ 'jathu' නමැති ඖෂධසැල ,  “Ameera super market”ඇතුළු කඩ සාප්පු රැසකටම සිය ව්‍යාපාරික ස්ථාන වසා දමා යාමට සිදුව ඇති බව ද අනාවරණය වේ.

"මුළු මුලතිව් නගරෙම මූ අල්ලගෙන ඉවරයි. කඩවල් වහනවා, කොල්ලො වහ බොනවා. ඒත් පොලිසිය බලාගෙන ඉන්නවා" යැයි තවත් ව්‍යාපාරිකයෙක් චෝදනා කළේය.

ජනතා ඉල්ලීම:  

'කාන්ඩිබන්' නැමැත්තා සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා, ඔහුට සහ ඔහුට සහාය දක්වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ප්‍රදේශවාසීහු රජයෙන් ඉල්ලා සිටිති.

(මුලතිව් වාර්තාකරු) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...