The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මෙරට මත්පැන් පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්

T

The Leader Desk

May 5, 2026 • 6:05 AM

මෙරට මත්පැන් පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ දත්තවලට අනුව බියර් නිෂ්පාදනය 5% කින් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%කින් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
  • වසර ආරම්භයේ සිදුවූ සංශෝධනයෙන් පසු මේ දක්වා මධ්‍යසාර මිලෙහි සංශෝධනයක් සිදු නොවීම මෙම තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය වී ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
  • උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීම හේතුවෙන් මධ්‍යසාර මිලදී ගැනීමේ හැකියාවේ විශාල වර්ධනයක් සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
  • මෙම කාලය තුළ සුරාබදු ආදායම යම් මට්ටමකින් වැඩි වී තිබුණ ද මෙම තත්ත්වය මගින් ඇති කරන බලපෑම බදු ආදායම් වර්ධනයට වඩා සෞඛ්‍ය හා සමාජීය වශයෙන් අහිතකර බලපෑම් එල්ල කරන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


2025 වසරේ දත්තවලට අනුව බියර් නිෂ්පාදනය 5% කින් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%කින් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

2024 වසර ආරම්භයේ සිදුවූ සංශෝධනයෙන් පසු මේ දක්වා මධ්‍යසාර මිලෙහි සංශෝධනයක් සිදු නොවීම මෙම තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය වී ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීම හේතුවෙන් මධ්‍යසාර මිලදී ගැනීමේ හැකියාවේ විශාල වර්ධනයක් සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම කාලය තුළ සුරාබදු ආදායම යම් මට්ටමකින් වැඩි වී තිබුණ ද මෙම තත්ත්වය මගින් ඇති කරන බලපෑම බදු ආදායම් වර්ධනයට වඩා සෞඛ්‍ය හා සමාජීය වශයෙන් අහිතකර බලපෑම් එල්ල කරන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

2023 වසරේදී මධ්‍යසාර බදු 20%ට කින් වැඩි කිරීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර මිලියන 8.3කින් අඩු වී තිබූ අතර රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6කින් වැඩි වී තිබිණ.

2024 ආරම්භයේ දී මත්පැන් බදු තවදුරටත් 20%ට කින් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස පෙර වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර 430,000කින් තවදුරටත් පහත වැටී තිබූ අතර බදු ආදායම රුපියල් බිලියන 42.15ක් දක්වා ඉහළ ගොස් තිබූ බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය  වැඩි දුරටත් කියා සිටියි.

| nethnews

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...