ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තමිල්නාඩු මැතිවරණයෙන් ජයගත් තලපති විජෙයි ට සිය සුබාශිංසන එක් කරමින් සිය X ගිණුමේ සටහනක් පළකර ඇත. එහි මෙසේ සඳහන් වේ.
"අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්! සැබෑ කාර්යය දැන් ආරම්භ වන අතර, ඉදිරි අභියෝග ජය ගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබා දීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
ජාතීන් දෙකෙහිම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සහ වඩාත් ධනාත්මක සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙමි. ඔබට සහ ඔබේ කණ්ඩායමට මගේ සුබ පැතුම්,
තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝසප් විජෙයි චන්ද්‍රසේකර් සහ ඔහුගේ තරුණ, පෙරළිකාර දේශපාලන බලවේගය වන තමිලගා වෙට්‍රි කසාගම් පක්ෂයට සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර ද සිය Twitter ගිනුමේ සටහනක් තබමින් හෘදයාංගම සුබ පැතුම් එක් කර ඇත.
තමිල්නාඩු එල්ටීටීඊ හිතවාදී දේශපාලනයේ පරාජයක් - අරුන් සිද්ධාර්ථන්
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජෙයි ගේ TVK පක්ෂය ලබාගත් ජයග්‍රහණය තමිල්නාඩු එල්ටීටීඊ හිතවාදී දේශපාලනයේ පරාජයක් බව සමාජ ක්‍රියාකාරික අරුන් සිද්ධාර්ථන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කච්චති දූපත සම්බන්ධයෙන් තලපති විජෙයි ආන්දෝළනාත්මක අදහසක් ඉදිරිපත් කල ද ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බෙදුම්වාදී අදහස් ඉදිරිපත් නොකල බවයි.
තමිල්නාඩු දේශපාලන බල පෙරළිය මෙරට දේශපාලනයට ඇති කල හැකි බලපෑම සම්බන්ධයෙන් 'නෙත් නිව්ස්' සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.
මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජෙයි ලැබූ ජයග්‍රහණය යාපනය ඇතුළු උතුරු පළාතේ ස්ථාන කිහිපයකදී සමරා තිබේ.
විජෙයි සිය පළමු මැතිවරණයෙන් ම නව ඉතිහාසයක් ලියයි
තමිල් නාඩු දේශපාලනය තුළ, TVK නායක විජෙයි සිය පළමු මැතිවරණයෙන් ම නව ඉතිහාසයක් ලියා තිබේ. 1967 සිට ප්‍රාන්ත දේශපාලනය ආධිපත්‍යය දැරූ ද්‍රවිඩ පක්ෂ වන ඩීඑම්කේ සහ ඒඅයිඒඩීඑම්කේ ඔහුගේ පක්ෂය විසින් පසුපසට තල්ලු කරනු ලැබ ඇත.
එම්ජීආර්ගෙන් පසු තමිල් නාඩුව තුළ තරග කළ පළමු මැතිවරණයේදී ම බලයේ සිටි අනෙකුත් සියලු ම ප්‍රධාන පක්ෂ අභිබවා යමින් විජෙයි ජනතාව අතර තම බලපෑම ඔප්පු කර තිබේ.
වසර 33කට පෙර දෙගිඩියාවෙන් වීර චරිතයකට පණ පොවමින් දෙමළ සිනමාවට පිවිසි විජෙයි, දැන් දේශපාලනයේ ඔහුගේ පළමු මැතිවරණය ජයග්‍රහණය කර තිබේ.
TVK පක්ෂයේ ජයග්‍රහණයට ප්‍රධානම සහ තීරණාත්මක සාධකය වූයේ විජේගේ පෞද්ගලික ජනප්‍රියත්වය වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි. දේශපාලනයේදී විජෙයි නව ශෛලියක් භාවිත කරයි.
වැඩිදුරටත් කියවන්න :
විජේට සුපිරි ජයක් - ස්ටාලින්ව ගෙදර යවයි
තමිල් නාඩු මැතිවරණය 2026: තරග කළ පළමු මැතිවරණය ම ජය ගත් දෙමළ සිනමාවේ වීරයා විජෙයි ගැන ඔබ නොදන්නා කරුණු 8ක්




