විමර්ශන නිලධාරීන් මේ බව මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමට දැන්වූයේ සිද්ධියට අදාළ නඩුකරය අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 100 බැගින් ශරිර ඇප 3ක් සහ ලක්ෂ 5 ක මුදල් ඇප මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තවද සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණි.
විමර්ශනයට අදාළව හිටපු ජනපතිවරයා හා ඇමැතිවරයාට ලබන 12 වැනිදා තමන් හමුවේ පෙනී සිටින ලෙසට අල්ලස් කොමිසම පසුගියදා නොතීසි නිකුත් කර තිබුණි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අනුව හිටපු ජනපතිවරයා මෙසේ කැඳවා ඇති බව කියයි.
අදාළ ගනුදෙනුවේදී අල්ලස් ලැබුණු බවත් එයින් රුපියල් මිලියන 60ක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට තංගල්ල කාල්ටන් නිවෙසේදී දුන් බව ඔහු ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබිණ.
| ගිම්හාන් ද සිල්වා




