The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

එක්නැලිගොඩ නඩුව සතිපතා විභාගයට

T

The Leader Desk

May 5, 2026 • 9:32 AM

එක්නැලිගොඩ නඩුව සතිපතා විභාගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම නඩුව මීට පෙර විභාගයට ගැණුනේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේදීය.
  • එම විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටි නිල නිවසේ ස්ථාපිත කර තිබෙන මහාධිකරණයේදීය.
  • එහිදී මෙම නඩුව නඩුව යළි මැයි මස 08 වනදා සිට සතිපතා විභාගයට ගැනීමට ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
  • ඒ අනුව සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිට ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


යහපාලන රජය සමයේ  නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම නඩුව මීට  පෙර විභාගයට ගැණුනේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේදීය.

එම නඩු විභාගය අතරමග ඇණ හිට තිබුණේ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයකු වූ මහේෂ් වීරමන් විශ්‍රාමයාම සහ තවත් විනිසුරුවරයෙකු වූ නාමල් බළල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වීම නිසාය.  

පසුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන එම නඩුව විභාග කිරීමට නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

එම විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටි නිල නිවසේ ස්ථාපිත කර තිබෙන මහාධිකරණයේදීය.

එහිදී මෙම නඩුව  නඩුව යළි මැයි මස 08 වනදා සිට සතිපතා විභාගයට ගැනීමට ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

ඒ අනුව සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිට ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

2010 වසරේ ජනවාරි මස 24 වනදා සිට 27 වනදා අතර කාලයේදී මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන්  මේ වන විට ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

| නෙල්කා මැදගෙදර
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...