The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'තිරුකෝනේෂ්වරමේ රේඩාර් සවි කරන්නේ නෑ' ශ්‍රී ලංකා ගුවන් හමුදාව

T

The Leader Desk

May 5, 2026 • 10:38 AM

'තිරුකෝනේෂ්වරමේ රේඩාර් සවි කරන්නේ නෑ' ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රිකුණාමලයේ තිරුකෝනේෂ්වරම් කෝවිල් කළමනාකරණ මණ්ඩලයේ යාවජීව සාමාජික සී.
  • ජයශංකර් ජනමාධ්‍යයට පවසා තිබුනේ රේඩාර් පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් ගුවන් හමුදාව විසින් කෝවිල් ඉඩමෙන් කොටසක් ඉල්ලන බව දැනගන්නට ලැබී ඇති බවයි.
  • ඒ පිළිබඳව පල කොට තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිල ස්ථාවරය සහ කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කොට ඇත.
  • සම්පූර්ණ නිවේදනය පහතින්: ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑම විටම මෙරට ඓතිහාසික හා ආගමික සිද්ධස්ථානවල පූජනීයත්වයට සහ උරුමයට ගරු කරන ආයතනයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ත්‍රිකුණාමලයේ තිරුකෝනේෂ්වරම් කෝවිල් කළමනාකරණ මණ්ඩලයේ යාවජීව සාමාජික සී. ජයශංකර් ජනමාධ්‍යයට පවසා තිබුනේ රේඩාර් පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් ගුවන් හමුදාව විසින් කෝවිල් ඉඩමෙන් කොටසක් ඉල්ලන බව දැනගන්නට ලැබී ඇති බවයි.

ඒ පිළිබඳව  පල කොට තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්  නිල ස්ථාවරය සහ කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කොට ඇත.

"තිරුකෝණේෂ්වර දේවාල භූමියේ හෝ ඒ අවට කිසිදු රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සැලසුම් කර නොමැති අතර, ඒ සඳහා කිසිදු ඉඩම් අත්පත් කර ගැනීමක අවශ්‍යතාවයක්ද නොමැති බව අවධාරණය කරමු," යි ගුවන් හමුදා මාධ්‍ය ඒකකයේ මාධ්‍ය අධ්‍යක්ෂක විසින් (05) අද දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්:

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑම විටම මෙරට ඓතිහාසික හා ආගමික සිද්ධස්ථානවල පූජනීයත්වයට සහ උරුමයට ගරු කරන ආයතනයකි. එවැනි වැදගත්කමක් සහිත භූමියක සංවර්ධන කටයුතු හෝ හමුදාමය ස්ථාපිතයන් සිදු කිරීමට ගුවන් හමුදාවේ කිසිදු අදහසක් නොමැත.

තවද, කිසිදු නිල සොයා බැලීමකින් තොරව මෙවැනි සාවද්‍ය පුවත් පළ කිරීම මගින් ප්‍රදේශයේ ජනතාව අතර අනවශ්‍ය නොසන්සුන්තාවයක් සහ ගුවන් හමුදාව කෙරෙහි වැරදි ආකල්පයක් ඇති වීමට ඉඩ පවතී.

එබැවින්, මෙම පුවත සාවද්‍ය පුවතක් බව වැඩි දුරටත් කාරුණිකව දන්වා සිටිමු.
 thiruer90t09
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...