The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ශම්මි අස්වුණු හැටි නලින්ද කියයි

T

The Leader Desk

May 5, 2026 • 12:08 PM

ශම්මි අස්වුණු හැටි නලින්ද කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව පැවසුවේ ශම්මි සිල්වා ඉවත්කිරීමට ඉන්දීය අගමැතිවරයා මැදිහත්වීදැයි කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීමට පිළිතුරු දෙමිනි.
  • එහිදී ඇති වූ සංවාදය මෙසේය.
  • පිළිතුර: ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න ඒක දන්න අත්දැකීම් තිබෙන පරිපාලනය දන්න කණ්ඩායමක් දුන්නේ.
  • ප්‍රශ්නය : ඇතැමුන් ඉරාන් වික්‍රමරත්නගේ ආගම මුල් කරගෙන මඩ ප්‍රචාර කරනවා?
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව පැවසුවේ ශම්මි සිල්වා ඉවත්කිරීමට ඉන්දීය අගමැතිවරයා මැදිහත්වීදැයි කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීමට පිළිතුරු දෙමිනි.

එහිදී ඇති වූ සංවාදය මෙසේය.

ප්‍රශ්නය :
ආන්ඩු කීපයක්ම හිටපු ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත්කරන්න උත්සාහ කළත් හරිගියේ නෑ. හැබැයි මේ ආණ්ඩුව සංයමයෙන් ක්‍රියාකළා. මෝදි අගමැතිවරයා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක්ද මේ කියල සමාජයේ අදහසක් තිබෙනවා. තරුණ සමාජය ඉල්ලුවෙ රොෂාන් වුණත් දුන්නේ ඉරාන්ව. හැබැයි කාගෙන්වත් දැන් විරෝධයක් නෑ. ඔබලා ඉරාන්ව තෝරාගත්තේ ක්‍රිකට් ක්‍රීඩකයකු හා බැංකුකරුවකු නිසාද?


පිළිතුර:
ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න ඒක දන්න අත්දැකීම් තිබෙන පරිපාලනය දන්න කණ්ඩායමක් දුන්නේ. මේ කණ්ඩායමට ලංකාවේ ක්‍රිකට් නගාසිටුවන්න හැකිවේවි යැයි අපි විශ්වාස කරනවා. අපේ ප්‍රාර්ථනාවත් ඒක. සභාපති ගැන විවිධ අදහස් තිබෙන්න පුළුවන්. නමුත් ඒ අය තදින් ශක්තිමත්ව බැඳිල ඉන්නවා.

ප්‍රශ්නය :
ඇතැමුන් ඉරාන් වික්‍රමරත්නගේ ආගම මුල් කරගෙන මඩ ප්‍රචාර කරනවා?

පිළිතුර :
ක්‍රිකට් හදන්න ඕනෑ නම් ආගමද ජාතියද තරාතිරම නෙවෙයි. වැදගත් වෙන්නේ දක්ෂතාව. මේකෙ දේශපාලනයක් නෑ. ශම්මි සිල්වා මහතා සුහදශීලීව තනතුර අතහැරිය. ඒක හොඳ ආදර්ශයක්. ඉරාන් වගකීම ගත්තා.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...