The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'ජනපති නඩු ගැන කීවේ විවෘත අධිකරණයෙන් ලැබෙන තොරතුරුවලින්' - කැබිනට් ප්‍රකාශක පහදයි

T

The Leader Desk

May 5, 2026 • 11:36 AM

'ජනපති නඩු ගැන කීවේ විවෘත අධිකරණයෙන් ලැබෙන තොරතුරුවලින්' - කැබිනට් ප්‍රකාශක පහදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නඩු තීන්දු සම්බන්ධයෙන් මැයි දින වේදිකාවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීමට පිළිතුරු වශයෙන් ඔහු මේ බව කීය.
  • එහිදී ඇති වූ සංවාදය මෙසේය.
  • පිළිතුර: රජයේ වෛද්‍ය නිලධාරින්ගේ නඩුවක තීන්දුව මැයි 8 එනවා.
  • සරණ ගුණවර්ධනගේ නඩුව අප්‍රේල් 30 තිබිලා මැයි 25ට කල් ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):


නඩු තීන්දු සම්බන්ධයෙන් මැයි දින වේදිකාවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීමට පිළිතුරු වශයෙන් ඔහු මේ බව කීය.

එහිදී ඇති වූ සංවාදය මෙසේය.

ප්‍රශ්නය :
ජනාධිපතිවරයා නඩු තීන්දු ගැන කියන්නේ කොහොමද? ඔහුට විශ්වයෙන් පනිවුඩ එනවාද?

 
පිළිතුර: 
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ නඩුවක තීන්දුව මැයි 8 එනවා. ඔබ දන්නේ නෑ. මම දන්නවා. සරණ ගුණවර්ධනගේ නඩුව අප්‍රේල් 30 තිබිලා මැයි 25ට කල් ගියා. අලයිඩ් හෙල්ත් සයන්ස් උපාධිධාරින්ගේ නඩුවක් මැයි 15 දෙනවා. ඔබ දන්නෑ මම දන්නවා. සජින් වාස්, චාමර සම්පත්, මර්වින් සිල්වා, යෝෂිත රාජපක්ෂ, චම්පික රණවක ආදී අයගේ ඔබ උනන්දුවක් දක්වනවා නම් හොයාගන්න පුළුවන්.

ප්‍රශ්නය  :
ප්‍රශ්නය නඩු දින ගැන නෙවෙයිනේ. ජනාධිපතිවරයා පාක්ෂිකයන්ට කියන්නෙ අත්පුඩි ගහන්න බලන් ඉන්න කියලා. අපි ප්‍රශ්න කරන්නෙ ඒක?


පිළිතුර :  
මම හිතන්නේ නඩු යන විදිය ගැන පබ්ලික් නොලේජ් එකක් තියෙනවානෙ. ඔබත් විවෘත අධිකරණයේ වෙන දේ වාර්තා කරනවා. ඊට වඩා පරස්පර උඩියටිකුරු දෙයක් වුණොත් හැර අපි දන්නවා වෙන දේ. වෙන දේ ගැන ජනාධිපතිතුමාත් කියන්න ඇත්තේ ඒ අනුව යැයි මම හිතනවා. 25 26 27 එකක් තියෙනවා. මේවාට බලපෑමක් නෑ බාධාවක් නෑ. ජනාධිපතිතුමා දන්නවා ජනවරම ඒ ජනවරම අනුව කටයුතු කරනවා කියන එක එයින් ගම්‍ය වෙන්නේ.

සාමාන්‍යයෙන් රටේ ජනයා හොරුන්ට දඬුවම් දෙන්නැද්ද පමා වෙන්නේ ඇයි කියල ඔබලාත් ඇහුවා. නඩු ඉක්මන් වෙලා ඇතැම් නඩු වෙනුවෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ ඇතිවෙලා වේගයෙන් වෙද්දී සාමාන්‍ය ජනයාට ප්‍රසාදයක් ආශ්වාදයක් තියෙන්න ඕනෑ. ඒක ජවිපෙ අයට පමණක් නෙවෙයි. පොහොට්ටුවට එජාපයට දුන් අය වුණත් කැමැතියි. මේ අතරේ කෘතිමව තෙරපෙන අය ඉන්න පුළුවන්. ඇතැම් අයකු අපෙන් අහනවා තුනෙන් දෙකක් තියන් මොකක්ද කරන්නේ කියල. සාමාන්‍ය ජනයාගේ ප්‍රාර්ථනාව ඒක. බලාපොරොත්තුව සාක්ෂාත් වුණොත් තෘප්තිය ප්‍රකාශ කරාවි. මේ නඩු දින ගත්තෙ මාත් මාධ්‍යයෙන්.

ප්‍රශ්නය :
නඩු පමා ඇයි කියන තැනදි අපි ඉන්නවා ඔබ එක්ක. හැබැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් ව්‍යංගාර්ථයක් යනවා නේද ජනාධිපතිතුමා මේ තීන්දු ගැන දන්නවා කියල?

පිළිතුර :
ජනාධිපතිතුමා දන්නවා ජනවරම ඒ ජනවරම අනුව කටයුතු කරනවා කියන එක එයින් ගම්‍ය වෙන්නේ.


(සටහන | ගිම්හාන් ද සිල්වා)  
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...