The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

රංග ගේ මරණය සැක කටයුතුයි කියා බිරිඳ පවසා නැහැ - කැබිනට් ප්‍රකාශක

T

The Leader Desk

May 5, 2026 • 3:37 PM

රංග ගේ මරණය සැක කටයුතුයි කියා බිරිඳ පවසා නැහැ - කැබිනට් ප්‍රකාශක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැකකටයුතු බවට ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශය කර ඇතැයි දේශපාලනඥයින් දෙදෙනෙකු විසින් කර ඇති ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව කැබිනට් ප්‍රකාශය, අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කර සිටියි.
  • ඔහු එබව කියා සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවැති හදිසි විවාදයට එක්වෙමිනි.
  • මේ සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තුවේ නැති දෙදෙනෙකු ප්‍රකාශ කරලා තිබුණා මාධ්‍ය හරහා.
  • ඒ අය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කරනවා." "ඒ ප්‍රකාශ ගැන රංග රාජපක්ෂ මහත්තයාගේ ඥාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සැකකටයුතු බවට ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශය කර ඇතැයි දේශපාලනඥයින් දෙදෙනෙකු විසින් කර ඇති ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව කැබිනට් ප්‍රකාශය, අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවැති හදිසි විවාදයට එක්වෙමිනි.

"මේ මරණය සැක කටයුතුයි කියලා එතුමාගේ බිරිඳ කියනවා කියන කතාව මුළුමනින්ම අසත්‍යක්. මේ සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තුවේ නැති දෙදෙනෙකු ප්‍රකාශ කරලා තිබුණා මාධ්‍ය හරහා. ඒ අය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කරනවා."

"ඒ ප්‍රකාශ ගැන රංග රාජපක්ෂ මහත්තයාගේ ඥාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා. බරපතළ කම්පනයක් තියෙනවා මේ කියන ප්‍රකාශය ගැන."

"අද බණ හෙට දානය. ඊට පස්සේ ඥාතීන් ඇවිත් ඒ කියපු අයට එරෙහිව පැමිණිලි කරනවා." යයි ඇමතිවරයා පැවසිය.

'අමෙරිකානු ඩො.මි. 2.5 ගැන පැමිණිල්ල කළේ රංග නෙමෙයි'  

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රංග රාජපක්ෂ නොව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

"පැමිණිල්ල කළේ මේ නිලධාරියා කියලා කිව්වා.. ඇත්තටම පැමිණිල්ල කළේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරය."

මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ මරණය  සැක සහිත බවට ඔහුගේ බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර ඇති බවත්, කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කළ ලිපියේද ඒ බව සඳහන්ව ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊයේ ( 04) දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පැවසිය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රංග ගේ මරණය සැක කටයුතුයි කියා බිරිඳ පවසා නැහැ - කැබිනට් ප්‍රකාශක | The Leader