The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ජනපතිගේ නඩු කතාව ඉල්ලා අස් කරගන්නැයි සජබෙන් ඉල්ලීමක්

T

The Leader Desk

May 5, 2026 • 3:46 PM

ජනපතිගේ නඩු කතාව ඉල්ලා අස් කරගන්නැයි සජබෙන් ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
  • එම නිවේදනයෙහි සඳහන් කර ඇත්තේ, මේ මස 25 වනදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නඩු තීන්දුවකින් අනතුරුව අත්පොලසන් නැගීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ය.
  • මෙම ප්‍රකාශය ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයට එල්ල කළ බරපතල තර්ජනයක් බවත් මෙම ප්‍රකාශයෙන් අධිකරණය විධායකයේ අභිමතයට යටත් කර ගැනීමට දරන උත්සාහයක් බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
  • එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ එකී ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ, අධිකරණය මගින් ලබා දීමට නියමිත නඩු තීන්දුවක් පිළිබඳව පෙර දැනුමක් ජනාධිපතිවරයාට ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයෙහි සඳහන් කර ඇත්තේ, මේ මස 25 වනදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නඩු තීන්දුවකින් අනතුරුව අත්පොලසන් නැගීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ය.

මෙම ප්‍රකාශය ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයට එල්ල කළ බරපතල තර්ජනයක් බවත් මෙම ප්‍රකාශයෙන් අධිකරණය විධායකයේ අභිමතයට යටත් කර ගැනීමට දරන උත්සාහයක් බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ එකී ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ, අධිකරණය මගින් ලබා දීමට නියමිත නඩු තීන්දුවක් පිළිබඳව පෙර දැනුමක් ජනාධිපතිවරයාට ඇති බව ය.

අධිකරණය වගකීමට බැඳී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මිස විධායකයට නොවන බවත් ශ්‍රී ලංකාවේ අධිකරණයට බලය ලබා දෙන්නේ ජනතාවගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිස කිසිදු ජනාධිපතිවරයෙකුගේ, ඇමතිවරයෙකුගේ හෝ කිසිදු දේශපාලන සන්ධානයක අභිමතය පරිදි නොවන බව සජබ නිවේදනයෙන්  පෙන්වා දී ඇත.

“ජනපති නඩු ගැන කීවේ පබ්ලික් නොලේජ් එකෙන්”

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස පවසන්නේ, .ජනාධිපතිවරයා නඩු ගැන ප්‍රකාශයක් කළේ පබ්ලික් නොලේජ් එකෙන් බවයි.

ඔහු මේ බව කීවේ, නඩු තීන්දු සම්බන්ධයෙන් මැයි දින වේදිකාවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන අද (මැයි 5) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේය.

ඇමැතිවරයා මෙසේ ද කීය.

“රජයේ වෛද්‍ය නිලධාරින්ගේ නඩුවක තීන්දුව මැයි 8 එනවා. ඔබ දන්නේ නෑ. මම දන්නවා. අලයිඩ් හෙල්ත් සයන්ස් උපාධිධාරින්ගේ නඩුවක් මැයි 15 දෙනවා. ඔබ දන්නෑ මම දන්නවා. සජින් වාස්, චාමර සම්පත්, මර්වින් සිල්වා, යෝෂිත රාජපක්ෂ, චම්පික රණවක ආදී අයගේ ඔබ උනන්දුවක් දක්වනවා නම් හොයාගන්න පුළුවන්. සරණ ගුණවර්ධනගේ නඩුව මැයි 25ට කල් ගියා.”

ප්‍රශ්නය :
නඩු දින ගැන නෙවෙයි ජනාධිපතිවරයා පාක්ෂිකයන්ට කියන්නෙ අත්පුඩි ගහන්න බලන් ඉන්න කියලා. අපි ප්‍රශ්න කරන්නෙ ඒක?


“මම හිතන්නේ නඩු යන විදිය ගැන පබ්ලික් නොලේජ් එකක් තියෙනවානෙ. ඔබත් විවෘත අධිකරණයේ වෙන දේ වාර්තා කරනවා. ඊට වඩා පරස්පර උඩියටුකුරු දෙයක් වුණොත් හැර අපි දන්නවා වෙන දේ. වෙන දේ ගැන ජනාධිපතිතුමාත් කියන්න ඇත්තේ ඒ අනුව යැයි මම හිතනවා. 25, 26, 27 එකක් තියෙනවා. මේවාට බලපෑමක් නෑ. බාධාවක් නෑ. ජනාධිපතිතුමා දන්නවා ජනවරම ඒ ජනවරම අනුව කටයුතු කරනවා කියන එක එයින් ගම්‍ය වෙන්නේ.”

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපතිගේ නඩු කතාව ඉල්ලා අස් කරගන්නැයි සජබෙන් ඉල්ලීමක් | The Leader