The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

T

The Leader Desk

May 6, 2026 • 5:17 AM

සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අතුරුදන්ව ඇති බව සඳහන්ය.
  • පදවිය පොලිස් බලප්‍රදේශයේ මවකගේ අනියම් සැමියා විසින් මෙම දියණිය ලිංගික අපරාධයකට ලක්ව ඇති බව තොරතුරු අනාවරණය වීමත් සමඟ පදවිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් පොලීසියට ද දන්වා එකී වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයට ලක් කර මෙය තහවුරු කර ඇත.
  • ඒ අනුව සැකකාර තිදරු පියෙකු විසින් මෙම අපරාධය සිදු කොට ඇති බවත් ඔහු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව පදවිය පොලීසිය පැවසීය.
  • සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අතුරුදන්ව ඇති බව සඳහන්ය.

පදවිය පොලිස් බලප්‍රදේශයේ මවකගේ අනියම් සැමියා විසින් මෙම දියණිය ලිංගික අපරාධයකට ලක්ව ඇති බව තොරතුරු අනාවරණය වීමත් සමඟ පදවිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් පොලීසියට ද දන්වා එකී වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයට ලක් කර මෙය තහවුරු කර ඇත.

ඒ අනුව සැකකාර තිදරු පියෙකු විසින් මෙම අපරාධය සිදු කොට ඇති බවත් ඔහු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව පදවිය පොලීසිය පැවසීය.

මේ සම්බන්ධව ඥාතීන් මෙන්ම ගම්වාසීන් ද පොලීසියට තොරතුරු ලබා දී තිබේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු ද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අංශ කිහිපයකින් ගෙන ඇති බව සඳහන් වේ.

තම දියණියට සිදු වූ අපරාධය වසන් කරමින් ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එකී මව පදවිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඊයේ (05) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 දක්වා එකී සැකකාර මව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වින්දිත දැරිය අනුරාධපුර මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් පසු පදවිය පොලිස් භාරයට ගෙන තිබේ.

දියණියගේ ආරක්ෂාව සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බව ද පොලීසිය පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...