The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

උතුරේ අක්කර දාස් ගණනක් අල්ලාගෙන හමුදාව ගොවිතැනට බැහැලා

T

The Leader Desk

May 6, 2026 • 3:38 PM

උතුරේ අක්කර දාස් ගණනක් අල්ලාගෙන හමුදාව ගොවිතැනට බැහැලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැසට් පත්‍රයක් මේ දක්වාම අවලංගු නොකිරීම නිසා ප්‍රදේශයේ පාරම්පරික දෙමළ ජනයාට අත්ව ඇති ඛේදනීය ඉරණම උතුරේ දෙමළ ජනතා නියෝජිතයකු විසින් පෙන්වා දී තිබේ.
  • "2013 අවුරුද්දේ අක්කර 6000ක විතර ඉඩම් ප්‍රමාණයක් රජයේ ඉඩම් විදිහට පවරා ගන්න ගැසට් පත්‍රයක් මගින් උත්සාහයක් ගත්තා.
  • ඒ ගැසට් පත්‍රය නිකුත් කරාට පස්සේ, 2015 බලයට පත් වුණු රජය කාලේදී පියවරෙන් පියවර අක්කර 3000ක විතර ඉඩම් ප්‍රමාණයක ජනතාවට - මේ අක්කර 6000ක ගැසට් එකක් තිබියදීම -තමන්ගේම ඉඩම්වලට ගිහින් එදිනෙදා ජීවිතය ගත කරන්න අවසර ලැබුණා.
  • ඒ නිසා ඒ ගැසට් පත්‍රය අවලංගු කරලා, තමන් වෙත නිදහස් කරපු ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ලබා දෙන්න කියන ඉල්ලීම කරන අතරම, ඉතිරි අක්කර 3000ක ඉඩම් ප්‍රමාණයත් නිදහස් කරන්න කියලා එයාලා දිගින් දිගටම ඉල්ලනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැසට් පත්‍රයක් මේ දක්වාම අවලංගු  නොකිරීම නිසා ප්‍රදේශයේ පාරම්පරික දෙමළ ජනයාට අත්ව ඇති ඛේදනීය ඉරණම උතුරේ දෙමළ ජනතා නියෝජිතයකු විසින් පෙන්වා දී  තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසන්නේ අක්කර 6000 ක් පමණ අත්පත්කරගනිමින් රජය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබියදී, එම ඉඩම් වලින් අක්කර 3000 ක පමණ ප්‍රමාණයක එදිනදා ජීවිතය ගත කිරීමට යහපාලන ආණ්ඩු සමයේ ඉඩම් වල අයිතිකරුවන්ට අවසර හිමි වූවත් එම ගැසට් පත්‍රය මේ දක්වාම අහෝසි නොකිරීම නිසා ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමට නොහැකිව  එම ජනතාව මහත් පීඩාවට පත්ව සිටින  බවයි.

 "2013 අවුරුද්දේ අක්කර 6000ක විතර ඉඩම් ප්‍රමාණයක් රජයේ ඉඩම් විදිහට පවරා ගන්න ගැසට් පත්‍රයක් මගින් උත්සාහයක් ගත්තා. ඒ ගැසට් පත්‍රය නිකුත් කරාට පස්සේ, 2015 බලයට පත් වුණු රජය කාලේදී පියවරෙන් පියවර අක්කර 3000ක විතර ඉඩම් ප්‍රමාණයක ජනතාවට - මේ අක්කර 6000ක ගැසට් එකක් තිබියදීම -තමන්ගේම ඉඩම්වලට ගිහින් එදිනෙදා ජීවිතය ගත කරන්න අවසර ලැබුණා. හැබැයි අද වෙනකම් ඒ මිනිස්සුන්ගේ ඉඩම්වලට නීත්‍යානුකූල අයිතිය තහවුරු කරන්න මේ ගැසට් පත්‍රය බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැසට් පත්‍රය අවලංගු කරලා, තමන් වෙත නිදහස් කරපු ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ලබා දෙන්න කියන ඉල්ලීම කරන අතරම, ඉතිරි අක්කර 3000ක ඉඩම් ප්‍රමාණයත් නිදහස් කරන්න කියලා එයාලා දිගින් දිගටම ඉල්ලනවා.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා ඒ බව සදහන් කළේ යාපනයේ වලිකාමම් උතුරේ දෙමළ ජනතාව ලෝක කම්කරු දිනය දා  උතුරු පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදිරිපිට දියත් කළ විරෝධතාවයකට සහාය පළ කරමිනි.

"වසර 36 ක් ගත වුවද නිදහස් නොකළ මයිලට්ටි ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීම සදහා වන සදාචාරාත්මක අරගලය " යනුවෙන් සිංහල බසින්ද සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ඔවුන්  විරෝධතාවයේ යෙදුනේ දශක තුනකට වැඩි කාලයක් හමුදාව විසින් බලහත්කාරයෙන් වාඩිලාගෙන සිටීම නිසා අහිමිවී තිබෙන පල්ලි, පාසල් කෝවිල් ඇතුළු සිය  ඉඩම් වහාම ආපසු  බාර දෙන ලෙස ඉල්ලමිනි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් එහිදී තව දුරටත් පෙන්වාදී තිබුනේ යුද හමුදාව යටතේ තවමත් පවතින මෙම ඉඩම් කිසිදු හමුදා අවශ්‍යතාවයකට යොදා නොගන්නා අතර හමුදාව   ඒවා වැඩි වශයෙන් භාවිත කරන්නේ ගොවිතැන් කටයුතු  වෙනුවෙන් බවයි.


"දැනට හමුදාව යටතේ තියෙන මේ අක්කර 3000ක ඉඩම් ගැන බැලුවොත්, ඒ ඉඩම්වලින් 80%ක්ම තියෙන්නේ කැලෑ වැදිලා. කිසිම හමුදා අවශ්‍යතාවයකට ඒ ඉඩම් පාවිච්චි කරන්නේ නැහැ. ඒවා ගොවිතැන් වගේ වෙනත් දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ජනතාවගේ ඉල්ලීම සීයට සීයක්ම සාධාරණයි. ලංකාවේ හමුදාව මේ ඉඩම් අයිතිකාරයන්ට දෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ හමුදා බලය පෙන්වන්න මිසක්, ඇත්තටම එතන ආරක්ෂක අවශ්‍යතාවයක් නෑ. මේකෙන් පේන්නේ එයාලගේ ජාතිවාදී ප්‍රතිපත්තිය නැවත නැවතත් ප්‍රදර්ශනය කරනවා මිසක් වෙන දෙයක් නෙවෙයි."


විරෝධතාවයට නායකත්වය දුන් මයිලට්ටි නැවත පදිංචි කිරීමේ සංගමයේ සාමාජික දේවරත්නම් ඇන්ටනී සුභාස් එහිදී පෙන්වා දී තිබුනේ ‘කමාන්ඩර් බංගලාව’ නමින් හදුන්වන  උතුරු පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදි කර ඇත්තේ දෙමළ පවුල් 200 ට පමණ අයත් භුමියක් අත්පත්කරගෙන බවයි.

"ග්‍රාම නිලධාරි කොට්ඨාස හතරක ජනතාව මේ උද්ඝෝෂණයට සහභාගි වෙනවා. ඒ කියන්නේ J/246, J/248, J/251 සහ J/255. මේ ඔක්කොම මයිලිට්ටි ජනතාව— ඒ කියන්නේ පලාලි හන්දියයි මයිලිට්ටි හන්දියයි අතර තියෙන ජනතාවගේ ඉඩම්. අද අපි එකතු වෙලා ඉන්න මේ තැන ඉස්සරහ තියෙන්නේ ‘කමාන්ඩර් බංගලාව’ කියලා කියන හමුදා ආඥාපතිවරයකුගේ මන්දිර‍යක්. ඔයාලට බැලුවොත් පෙනෙයි. ඒකේ මගේ ඉඩමත් එක්කම— ඒ කියන්නේ මගේ අම්මයි තාත්තගෙයි ඉඩමත් ඇතුළුව පවුල් 200ක විතර ඉඩම්— දළ වශයෙන් පවුල් 200ක විතර ඉඩම් අල්ලගෙන තමයි මේ කමාන්ඩර් බංගලාව හදලා තියෙන්නේ."

උතුරේ පැවැති දරුණු යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී එම ප්‍රදේශයේ ජීවත් වු පාරම්පරික දෙමළ ජනයා එම භුමියෙන් ඉවත් වීමෙන් පසුව රජය එම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස ගැසට් කර තිබේ. යුද නිමාවෙන් පසුවත් සිය පාරම්පරික භුමිය අහිමි වු ආකාරය දේවරත්නම් ඇන්ටනී සුභාස් පැහැදිලි කළේ පහත අයුරිනි.

"අද අපිට කියලා අයිති පල්ලියක් නැහැ. සේමක්කාලේ ප්‍රදේශයේ. මෙන්න අපි ඉන්න තැනට ඉස්සරහින් මේ තැන... පොඩ්ඩක් හරවලා පෙන්නන්න ඒක පේන්න... මෙතන තමයි අපේ ඉඩමේ තිබුණු කාණික්කෛ මාතා පල්ලිය තිබුණේ. අද ඒක සම්පූර්ණයෙන්ම බිමටම සමතලා වෙලා, වල් බිහිවෙලා තමයි තියෙන්නේ. 2010 අවුරුද්දේ මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හමුදා පාලනය යටතේ තියෙද්දී අපි හමුදා අවසරය ඇතිව ඇවිත් පූජාවක් තිබ්බා. එතකොට මේ පල්ලිය සම්පූර්ණ ගොඩනැගිල්ලක් විදිහට තිබ්බා. හැබැයි 2013න් පස්සේ මේක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා. යුද්ධය 2009 අවුරුද්දේ ඉවර වුණා නම්, 2013 වෙනකොට පල්ලිය නෑ කියන්නේ ඒකේ තේරුම මොකක්ද? අපි 2010දී මේක දැක්කා. අද පල්ලියක් නෑ. අපේ ගෙවල් බොහොමයක් මෙතන තිබුණා... අද එකක්වත් නෑ."

ලෝක කම්කරු දිනයදා උතුරු  පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදිරිපිට දියත් කළ විරෝධතාවය සදහා එක්ව සිටි වයෝවෘධ මාතාවක්  ඉල්ලා සිටියේ සිය පාරම්පරික භුමිය වහාම ආපසු ලබා දෙන ලෙසයි.  

"අපිට ගෙවල් ඕනේ. අපි ලංකාවේ අනාතයෝ නෙවෙයි, අපි ලංකාවේ පුරවැසියෝ. ලංකාවේ ඉපදිලා මයිලිට්ටිවලම හැදුණු වැඩුණු මිනිස්සු. අපි ඉන්දියාවේ ඉපදුණේ නැහැ, අපි ඉන්දියාවට සරණාගතයෝ විදිහට පැනලා ගිහින් හිටියා, දැන් ආපහු ඇවිත් ඉන්නේ. අපේ ගෙවල් අපිට ඕනේ, අපේ ඉඩම් අපිට දෙන්න."


සිය පාරම්පරික භුමියේ පැවැති ආගමික හා සමාජීය  සංස්කෘතිය යුද හමුදාව විසින්  සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බව පෙන්වා දෙමින් එම මාතාව එහිදි තව දුරටත් අවධාරණය කර තිබුනේ දෙමළ ජනයාගේ ඉඩම් භුක්ති විදින යුද හමුදාව දෙමළ ජනයාගේ යැපුම් ආර්ථිකය මේ වන විට සම්පුර්ණයෙන්ම අත්පත් කරගෙන ඇති බවටයි.


"අපේම ගස්වල තියෙන පොල් ටික කඩලා අපිටම විකුණන්න හදනවා. අපේ ගෙවල්වල නිදාගෙන බෞද්ධ විහාර හදලා තියෙනවා. අපේ මුරුගන් කෝවිල, අපේ පිල්ලෙයාර් කෝවිල, අපේ මාතා පල්ලිය මේ ඔක්කොම තිබ්බ තැන් අපිට නැති වෙලා. ඉතින් අපි කොහේද ඉන්නේ? අපිට තියෙන ආදායම මොකක්ද? අපේ වතුවල තිබුණු පොල් ගස්වලින්, අඹ ගස්වලින් තමයි අපිට ආදායම ලැබුණේ. ඔයාලා හමුදා බලකායක් විදිහට ඇවිත් අපේ ඉඩම් අල්ලගෙන, අපේ ඉඩම් උඩ බලහත්කාරයෙන් පදිංචි වෙලා බොහොම ආඩම්බරෙන් ඉන්නවා. අපි කොහේ යන්නද? අපි වෙන රටකට යන්නද? අපේ ඉඩම් අපිට දෙන්න. අපේ දෙමව්පියෝ අපිට උරුම කරලා දීපු ඉඩම් කඩම් මේවා. ඒවා හමුදාවට අයිති නෑ. ලංකාවේ හමුදාවට අයිති නෑ, ඒවා ලංකාවේ මිනිස්සුන්ගේ ඉඩම්, මිනිස්සුන්ගේ කෝවිල්. "

ජීවිතයේ අවසන් සමයේ හෝ නිදහසේ හුස්මක් ගැනීමට සිය පාරම්පරික භුමිය නිදහස් කර දෙන ලෙස ඇය එහිදී වැඩි දුරටත් ඉල්ලා සිටියාය.

"ඉස්සර අපේ මාතා පල්ලියේ සීනුව සද්දේ පලාලි ඉඳන් වෙරළ අයින වෙනකම් ඇහෙනවා. අද ඒ පල්ලිය හමුදා පාලනය යටතේ හිර කරලා තියෙන්නේ. අපේ පිල්ලෙයාර් කෝවිල උඩ වෙනත් පිළිම හදලා. ඔක්කොම අල්ලගෙන ඔයාලා හමුදා මර්දනයෙන් අපිව යටපත් කරගෙන ඉන්නවා. මර්දනය කරපු අයව කරලා ඉවරයි, දැන් මේ වයසට ගිය කාලේ අපිවත් මර්දනය කරන්න හදනවා. අපිට ඉන්න හිටින්න තැනක් නෑ, වාඩි වෙන්න ගෙයක් නෑ. ගෙවල් කුලිය රුපියල් දහදාහ විසිදාහ. එහෙම දෙන්න අපිට වත්කම් නෑ. අපේ ඉඩම් නිදහස් කරන්න."


යුද විනාශය නිසා ඉඩම් අයිතිය ඔප්පු කිරීම අසීරු වී ඇති උතුරේ ජනතාව සතු මුහුදුබඩ දිස්ත්‍රික් හතරක ඉඩම් අක්කර හයදහසකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගැනීම අරමුණු කරගෙන වත්මන් පාලකයන් විසින් ද 2025 මාර්තු 28 වැනි සිකුරාදා නිකුත් කරන ලද අංක 2430 දරණ ගැසට් පත්‍රය ද හකුලා ගන්නට මේ ආණ්ඩුවට සිදුව තිබුනේ  උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් ඇතුළු ඉඩම් හිමිකම් ක්‍රියාධාරීන් නැගු විරෝධය හා එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ටාධිකරණය විසින් අත්හිටුවීම නිසාවෙනි.

 
01 302 203 304 205 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...