The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මරාදමා විසිඑක් වසරක් ගතවීත් යුක්තිය නොලද මාධ්‍යවේදියකුට උතුරු නැගෙනහිර අනුස්මරණ

T

The Leader Desk

May 6, 2026 • 3:41 PM

මරාදමා විසිඑක් වසරක් ගතවීත් යුක්තිය නොලද මාධ්‍යවේදියකුට උතුරු නැගෙනහිර අනුස්මරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදියකුගේ විසි එක් වැනි ගුණානුස්මරණය උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයක දීම සිදු කර තිබේ.
  • ටැමිල්නෙට් පුරෝගාමී කතුවර මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම්ගේ ඡායාරූපයකට මල් දම් පළඳා අප්‍රේල් 29 වැනි බදාදා මලින් පහනින් ඔහුට ගෞරව දැක්වීමට මුලතිව් මාධ්‍ය සමාජය කටයුතු කළ අතර යාපනය මාධ්‍ය සමාජයත් ඔහු අනුස්මරණය කර තීබුනේ අප්‍රේල් 28 වැනිදා අගහරුවාදා දිනයි.
  • කොළඹින් පලකෙරෙන මාධ්‍ය ගණනාවකටම සිය බුද්ධි දානය බොහෝ සෙයින් ලබා දුන් සිවරාම්ගේ සමරුවක් දකුණේ පවත්වන ලද බවක් දැනගන්නට නැත.
  • මාධ්‍යවේදීන් 44 ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදියකුගේ විසි එක් වැනි ගුණානුස්මරණය උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයක දීම සිදු කර තිබේ.


යාපනය මාධ්‍ය සමාජය, මුලතිව් මාධ්‍ය සමාජය හා මඩකලපුව මාධ්‍ය සමාජය විසින් ද ගුණානුස්මරණය කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම් සිවරාම්ය.

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී  ධර්මරත්නම් සිවරාම්ගේ ඡායාරූපයකට මල් මාලයක් පලඳා මලින්, පහනින් ඔහුට උපහාර දැක්වීීමට නැගෙනහිර මාධ්‍යවේදී සංගමය හා මඩකළපුව මාධ්‍ය සමාජය කටයුතු කර තිබුනේ අප්‍රේල් 28 වැනිදා අඟහරුවාදා දිනයි.

ටැමිල්නෙට් පුරෝගාමී කතුවර මාධ්‍යවේදී ධර්මරත්නම්  සිවරාම්ගේ ඡායාරූපයකට මල් දම්  පළඳා අප්‍රේල් 29 වැනි බදාදා  මලින් පහනින් ඔහුට ගෞරව දැක්වීමට මුලතිව් මාධ්‍ය සමාජය කටයුතු කළ අතර යාපනය මාධ්‍ය සමාජයත් ඔහු අනුස්මරණය කර තීබුනේ අප්‍රේල් 28 වැනිදා අගහරුවාදා දිනයි.

කොළඹින් පලකෙරෙන මාධ්‍ය ගණනාවකටම සිය බුද්ධි දානය බොහෝ සෙයින් ලබා දුන් සිවරාම්ගේ  සමරුවක් දකුණේ පවත්වන ලද බවක් දැනගන්නට නැත.

මාධ්‍යවේදීන් 44 ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.

ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.

ආරක්ෂා සහිත ඝාතනයක්

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැර ගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනකු විසිනි.

ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවූරේ අධි ආරක්ෂක කලාපයේ දී ය.  ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.

ඝාතනයට ලක්වන විට සුප්‍රකට ටැමිල් නෙට් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ සිවරාම් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ 1990 දී ඝාතනය කෙරුණු සහෝදර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මඟ පෙන්වීම යටතේ ය.

1997දි ටැමිල් නෙට් වෙබ් අඩවිය අරඹන තුරු සිවරාම් ‘දි අයිලන්ඩ්’, ‘සන්ඩේ ටයිම්ස්‘, ‘ඩේලි මිරර්‘, ‘වීරකේසරී‘, ‘ටැමිල් ටයිම්ස්‘ යන මාධ්‍ය ආයතනවල නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේ ය.

තරාකී

1989දී ‘දි අයිලන්ඩ්‘ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ගාමිණී විරකෝන් විසින් දේශපාලන විශ්ලේශකයෙක් සොයනු ලබමින් සිටියදී රිචඩ් ද සොයිසා විසින් ඔහුට සිවරාම් හඳුන්වා දෙනු ලැබිණ.

ගාමිණී වීරකෝන් විසින් සිවරාම් වෙනුවෙන් නිර්මිත අරූඪ නාමය වූයේ ‘තාරක‘ යන්නයි. නමුත් සංස්කරණ දෝෂයක් හේතුවෙන් ඒ නම මුද්‍රණය වී තිබුණේ ‘තරාකී‘ වශයෙනි. දෝෂ සහිතව පළවූ එම නම සිවරාම් විසින් මියෙන තුරාම තම ආරූඪ නාමය ලෙස භාවිතා කෙරුණි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මරාදමා විසිඑක් වසරක් ගතවීත් යුක්තිය නොලද මාධ්‍යවේදියකුට උතුරු නැගෙනහිර අනුස්මරණ | The Leader