The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

T

The Leader Desk

May 7, 2026 • 3:55 AM

විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෝශප් විජේ වෙත ඊයේ (6) සුබ පැතුම් ලිපියක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ඔහු අත්පත් කරගෙන ඇති බවය.
  • තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත්කර ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නව පාලනය යටතේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසා තිබේ.
  • තවද තලපති විජේගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවත් සිය සුබ පැතුම් පණිවුඩයෙන් හිටපු ජනපතිනිය පවසා ඇත.
  • සිට ප්‍රාන්ත දේශපාලනය ආධිපත්‍යය දැරූ ද්‍රවිඩ පක්ෂ වන ඩීඑම්කේ සහ ඒඅයිඒඩීඑම්කේ ඔහුගේ පක්ෂය විසින් පසුපසට තල්ලු කරනු ලැබ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ජෝශප් විජේ වෙත ඊයේ  (6) සුබ පැතුම් ලිපියක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ඔහු අත්පත් කරගෙන ඇති බවය.

තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත්කර ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නව පාලනය යටතේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසා තිබේ.

තවද තලපති විජේගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවත් සිය සුබ පැතුම් පණිවුඩයෙන් හිටපු ජනපතිනිය පවසා ඇත.


IMG 20260506 WA0061

තමිල් නාඩු දේශපාලනය තුළ, TVK නායක විජය සිය පළමු මැතිවරණයෙන් ම නව ඉතිහාසයක් ලියා තිබේ. 1967 සිට ප්‍රාන්ත දේශපාලනය ආධිපත්‍යය දැරූ ද්‍රවිඩ පක්ෂ වන ඩීඑම්කේ සහ ඒඅයිඒඩීඑම්කේ ඔහුගේ පක්ෂය විසින් පසුපසට තල්ලු කරනු ලැබ ඇත.

එම්ජීආර්ගෙන් පසු තමිල් නාඩුව තුළ තරග කළ පළමු මැතිවරණයේදී ම බලයේ සිටි අනෙකුත් සියලු ම ප්‍රධාන පක්ෂ අභිබවා යමින් විජෙයි ජනතාව අතර තම බලපෑම ඔප්පු කර තිබේ.

වසර 33කට පෙර දෙගිඩියාවෙන් වීර චරිතයකට පණ පොවමින් දෙමළ සිනමාවට පිවිසි විජය, දැන් දේශපාලනයේ ඔහුගේ පළමු මැතිවරණය ජයග්‍රහණය කර තිබේ.

මෙම දීර්ඝ කාලය තුළ ඔහුගේ පෞද්ගලික ජීවිතය සහ චිත්‍රපට ජීවිතය බොහෝ දුරට එක හා සමාන වූ නමුත් දේශපාලනයේදී විජය නව ශෛලියක් භාවිත කරයි.


| aruna
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...