සැක පිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා ලබන 20 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල පොලිස් පරීක්ෂකවරයා (සරත් සමන්ත) සහ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල් ජෙකීල් ෆාස් යන දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ කැඳවූ අතර සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කෙරිණි.
මෙම පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කළ එකක් බව පාස්කු ප්‍රහාරය සිදු වීමෙන් පසුව ඒ පිළිබඳව කරන ලද විමර්ශන මගින් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් පොලිසියට දැනුම් දී ඇත
මෙම නඩුකරය සදහා තෙවන සැකකරු ලෙස හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ නම් කර ඇති අතර ඔහු මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ප්‍රශ්න කරනු ලබයි.




