අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත්කර ඇත.
අලුත්කඩේ අධිකරණය අසළ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් 15000 බැගින් ගෙවා ඔහුට පැනවූ ඇප තැන්පත් කිරීමට ඉදිරිපත් කරමින් ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය.
'ස්වාමීනී, සැකකාර කපිල චන්ද්‍රසේන 1997 අංක 30 දරණ ඇප 5 සහ දූෂණ විරෝධී පනතේ වැරදි සිදුකරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර තිබෙනවා. අධිකරණය මගින් නියම කළ රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප දෙකක් සඳහා ඇප තැබීමට රුපියල් 15000 බැගින් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම තුළින් ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාස කඩ කර තිබෙනවා'' යැයිද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල් වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, මෙම කරුණු මාධ්‍යවල පළවී ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසම, සැකකරුගේ ඇප අවලංගු කළ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (මැයි 5 වැනිදා) නියම කළේය.
සබැඳි පුවත :
Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට




