මුදල් ලේකම්වරයා මහ භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනික පිරිසක් අතට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු වාර්තා නොකිරීම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී නොසිටීම සහ කෝප් කමිටුවට කරුණු වාර්තා කිරීම පැහැර හැරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇතැයි ජයසේකර මන්ත්‍රී වරයා එම යෝජනාවෙන් කරුණු ඉදිරිපත් කර තිබිණ
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ දයාසිරි ජයසේකර පැවසුවේ, මෙම වරප්‍රසාද සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට ඕන තරම් කරුණු එහි අන්තර්ගතව තිබියදී එය භාර නොගැනීම වැරදි ක්‍රියාවක් බවයි.
මේ සම්බන්ධයෙන් තමා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව කී දයාසිරි ජයසේකර, කරන වැඩ අනුව අද පිටරට යෑම පවා නොහැකිවී ඇති බව ප්‍රකාශ කළේය.
බිමල් රත්නායක ඔලුව හෙල්ලුව නිසා කතානායක තමාට මේ අවස්ථාව නොදුන් බවත් හර්ෂණ සූරියප්පෙරුම ලාංකික පුරවැසියෙක්ද නැද්ද යන්න වරප්‍රසාද කමිටුවට කිව යුතු බවත් ඔහු සඳහන් කළේය.
( lankalokaya | අසේල පෙරේරා )




