The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

තාක්ෂණික දෝෂයක් නිසා වැඩිපුර ගෙවූ අස්වැසුම මුදල් මැයි දීමනාවෙන් කපා හැරේ

T

The Leader Desk

May 7, 2026 • 1:32 PM

තාක්ෂණික දෝෂයක් නිසා වැඩිපුර ගෙවූ අස්වැසුම මුදල් මැයි දීමනාවෙන් කපා හැරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රතිලාභීන් පිරිසකට සිදු වූ වැඩිපුර ගෙවීම්, ඔවුන්ගේ මැයි මාසයේ දීමනාවෙන් අයකර ගැනීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
  • අස්වැසුම දෙවන අදියරේ අප්‍රේල් දීමනාව සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදුන් විශේෂ දීමනාව අප්‍රේල් 10 වන දිනට පෙර ගෙවීමට මණ්ඩලය කටයුතු කර තිබුණි.
  • ඒකාබද්ධ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය (IWMS) මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමට සකසා නොමැති බැවින්, හදිසි අවශ්‍යතාව මත පද්ධතියෙන් බැහැරව ගොනු උඩුගත කිරීමේදී (Manual SLIP Upload) එක් ගොනුවක් දෙවරක් උඩුගත වීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇත.
  • මෙම දෝෂය හේතුවෙන් ප්‍රතිලාභීන් 90,000 කට පමණ ද්විත්ව ගෙවීම් සිදු වී ඇති බව මණ්ඩලය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රතිලාභීන් පිරිසකට සිදු වූ වැඩිපුර ගෙවීම්, ඔවුන්ගේ මැයි මාසයේ දීමනාවෙන් අයකර ගැනීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අස්වැසුම දෙවන අදියරේ අප්‍රේල් දීමනාව සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදුන් විශේෂ දීමනාව අප්‍රේල් 10 වන දිනට පෙර ගෙවීමට මණ්ඩලය කටයුතු කර තිබුණි.


ඒකාබද්ධ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය (IWMS) මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමට සකසා නොමැති බැවින්, හදිසි අවශ්‍යතාව මත පද්ධතියෙන් බැහැරව ගොනු උඩුගත කිරීමේදී (Manual SLIP Upload) එක් ගොනුවක් දෙවරක් උඩුගත වීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇත.


මෙම දෝෂය හේතුවෙන් ප්‍රතිලාභීන් 90,000 කට පමණ ද්විත්ව ගෙවීම් සිදු වී ඇති බව මණ්ඩලය පවසයි. මින් ප්‍රතිලාභීන් 49,759 දෙනෙකු දැනටමත් එම අතිරික්ත මුදල් බැංකුවලින් ලබාගෙන ඇති අතර, එම මුදලේ සමස්ත වටිනාකම රුපියල් 248,795,000.00 කි.

බැංකු ගිණුම්වලින් මුදල් ලබා නොගත් ප්‍රතිලාභීන්ගේ ද්විත්ව ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත මණ්ඩලය වෙත ලබා ගැනීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, දැනටමත් මුදල් ලබාගෙන ඇති ප්‍රතිලාභීන්ගෙන් එම මුදල් මැයි මාසයේ අස්වැසුම දීමනාවෙන් අයකර ගැනීමට සැලසුම් කර තිබේ.


මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට හෝ මහජනතාවට කිසිදු මූල්‍ය පාඩුවක් සිදු නොවන බව අවධාරණය කරන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය, සිදුවූ දෝෂය ඉතා ඉක්මනින් නිවැරදි කර ඇති බවත් මේ පිළිබඳව පැතිර යන වැරදි ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

අස්වැසුම ද්විත්ව ගෙවීම ගැන පාර්ලිමේන්තු විමර්ශනයක් ඉල්ලයි
 
පසුගියදා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් Free Lawyers සංවිධානය සඳහන් කර ඇත්තේ, ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රු. ලක්ෂ 5000කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට ‍ගෙවා ඇති බව ය.

දිස්ත්‍රික්ක කිහිපයක අස්වැසුම ප්‍රතිලාභීන් වෙත එලෙස ද්විත්ව ගෙවීමක් සිදුකර ඇති බව පෙන්වා දෙන එම සංවිධානය, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

"මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීම හා සමාන ආකාරයකට අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/වැඩිපුර මුදල් ගෙවීම රාජ්‍ය මූල්‍ය කලමනාකර‍ණයේ අද ඇති වී තිබෙන බිඳවැටීම, වියවුල හා වගකීම් විරහිතභාවය මනාව පිළිබිඹු වන්නකි." Free Lawyers සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

2026 අප්‍රේල් මස දාහත් ලක්ෂ තිස් තුන් දහසකට ආසන්න පවුල් සංඛ්‍යාවකට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට නියමිතව තිබූ බවත්, ඉන් පිරිසකට අස්වැසුම ප්‍රතිලාභ දෙවරක් ගෙවා ඇති බවත් Free Lawyers සංවිධානය කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
 (සටහන | ජේ.මුණසිංහ) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තාක්ෂණික දෝෂයක් නිසා වැඩිපුර ගෙවූ අස්වැසුම මුදල් මැයි දීමනාවෙන් කපා හැරේ | The Leader