The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

සලේගේ රිට් පෙත්සමට අද ලැබුණු තීරණය

T

The Leader Desk

May 7, 2026 • 3:15 PM

සලේගේ රිට් පෙත්සමට අද ලැබුණු තීරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.
  • එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
  • සිය සේවාදායකයා 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරක්ෂක පාඨමාලාවකට සහභාගි වී සිටි බැවින් පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට නොසිටි බවද ඔහු පැවසීය.
  • විදේශයක රැඳී සිටින අසාද් මවුලානා නමැත්තකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් හරහා සිය සේවා දායකයාට එරෙහි විමර්ශන ආරම්භ වී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා අසාත් මවුලානා විසින් ඉදිරිපත් කරන කරුණු වලට කිසිදු සාක්ෂිමය වටිනාකමක් නැති බවද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම සලකා බැලීම සිදු විය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ විජිත් මළල්ගොඩ කමිටුව, ජනක් ද සිල්වා කොමිසම, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම් ගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම, ජයකි ද අල්විස් කමිටුව යනාදී විමර්ශන කමිටු විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු සොයා බැලූ බවත්  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින්ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් එම විමර්ශන කොමිෂන් සභා සහ කමිටුවලින් සිදු කළ කිසිදු විමර්ශනයකදී මෙම පාස්කු ප්‍රහාරයට තම සේවා දායකයා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවය.

සිය සේවාදායකයා 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරක්ෂක පාඨමාලාවකට සහභාගි වී සිටි බැවින් පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට නොසිටි බවද ඔහු පැවසීය.

විදේශයක රැඳී සිටින අසාද් මවුලානා නමැත්තකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් හරහා සිය සේවා දායකයාට එරෙහි විමර්ශන ආරම්භ වී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා අසාත් මවුලානා විසින් ඉදිරිපත් කරන කරුණු වලට කිසිදු සාක්ෂිමය වටිනාකමක් නැති බවද සඳහන් කළේය.


අසාද් මවුලානා ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිටම පහළට දුෂිත බවට ප්‍රකාශ කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර මේ පුද්ගලයාට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.


මෙවැනි පුද්ගලයින් සාක්ෂිකරුවන් වශයෙන් යොදාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය සේවාදායකයා සිර කිරීමට උත්සාහ කරන බව කී ජනාධිපති නීතිඥවරයා, 2016 වසරේ නොවැම්බර් මස 18 වනදා පැවති අයවැය විවාදයේදී එවක අධිකරණ අමාතය විජයදාස රාජපක්ෂ විසින් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් තිස් දෙදෙනෙකු සිරියාවට ගොස් අයි.එස්. සංවිධානයට සම්බන්ධ වී ඇති බව අනාවරණය කළ බව කියා සිටියේය.

ඊට අමතරව අත්අඩංගුවේ පසුවන සිය සේවාදායකයා ද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පැවති ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේදී පවා කරුණු කී බව සඳහන් කළේය.


ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙවැනි අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොවූ බව චෝදනා කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ඒ වෙනුවට බලධාරීන් සිදුකර තිබෙන්නේ පණිවිඩකරුට වෙඩි තැබීම පමණක් බවකියා සිටියේය.



CID ගොඩනැගිල්ල මිනිස් වාසයට නුසුදුසු බවට අනාවරණයක්

සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ මිනිස් වාසයට නුසුදුසු කුඩා කාමරයක රඳවා තැබීමෙන් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සූහාරශී හේරත් සඳහන් කළේ, පැරණි ගොඩනැගිල්ලක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා සේවය කරන්නේ අවම පහසුකම් යටතේ බවය.

කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විත ආකාරයේ සැලකීමක් අවශ්‍ය බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම කරුණ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් අවධානය යොමු කළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුනි.

වැඩිදුර කරුණු දක්වීම් ජුනි 04 වැනිදා දක්වා කල්තැබුණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...